කොලරාව හේතුවෙන් සුඩානයේ දහස් ගණනක් මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වසරකට අධික කාලයක් යුද්ධයෙන් පිඩා විඳින සුඩානයේ පසුගිය මාසය තුළ කොලරාව හේතුවෙන් පුද්ගලයින් 430 කට වැඩි පිරිසක් මිය ගොස් 14,000ක පිරිසකට ආසාදනයව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

කොලරාව යනු වේගයෙන් වර්ධනය වන බෝවෙන රෝගයක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව එය පාචනය, විජලනය සහ මරණයට හේතු විය හැක. එය සුව කිරීමට සාපේක්ෂව පහසු නමුත් ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය වේ.

සුඩානයේ කොලරාව සිඝ්‍රයෙන් ව්‍යාප්තවීමට හේතු වශයෙන් යුද්ධය මෙන්ම අධික වර්ෂාපතනය සහ ගංවතුර ද අවතැන් කඳවුරුවල ජනාකීර්ණ වීම ද හේතු වී තිබේ. මේ වන විට රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ඇතැම් ප්‍රදේශවල පාසල්, වෙළෙඳසැල් වසා දමන ලෙසට දැනුම් දී ඇති අතර සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීමෙන් වඩාත් දරුණු ලෙස පීඩාවට පත් වූවන් අතර ගැබිනි කාන්තාවන් සහ ළමයින් වේ.

2023 අප්‍රේල් මාසයේ සිට හමුදාව සහ ප්‍රබල පැරාමිලිටරි කණ්ඩායමක් වන වේගවත් ආධාරක බලකාය (RSF)රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා දරුණු අරගලයක් ආරම්භ කළ දා සිට සුඩානය යුද්ධයක පැටලී ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදයක් ලෙස හඳුනවා ඇති අතර යුද්ධය හේතුවෙන් මිලියන නවයකට අධික ජනතාවක් රටින් පලාගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...