මහා පරිමාණ පිරමීඩ (Onmax DT)වංචාවට හසුවූ තැන්පත්කරුවන්ගේ පැමිණිලි භාරගන්නැයි නියෝග!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ (LNW):

අද (25 වැනිදා) ඔන්මැක්ස් ඩී.ටී. මහා පරිමාණ පිරමීඩ වංචාවට හසුවූ තැන්පත්කරුවන් දහස් ගණනකගේ පැමිණිලි භාරගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නිියෝගයක් නිකුත් කළේය.

විශාල පිරිසක් නීති විරෝධී ඔන්මැක්ස් ඩී.ටී. පිරමීඩ සමාගමේ මුදල් ආයෝජනය කර ඇතත් මෙතෙක් විධිමත් අයුරින් පැමිණිලි ඉදිරිපත් කර නොමැති බව අවධාරණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නිසා සිය මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ට පැමිණිලි කිරීමට සුදුසු ආකෘතියක් සකස් කර සියලුම පොලිස් ස්ථානවලට යොමු කරන ලෙසත් නියෝග කළේය.

එම පැමිණිලි ආකෘති භාරගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ​පොලිස්පති (පරිපාලන) වෙත ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගයක්ද කළේය.

ඔන්මැක්ස් ඩී.ටී. තැන්පත්කරුවන් මේ වනවිට දැඩි පීඩනයකට පත්වී තිබෙන බවත්, ඔවුන් ක්ෂණිකව සහනයක් බලාපොරොත්තු වන බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ අධිකරණයට දන්වා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු ඉදිරිපත් කරමින් අගතියට පත් කියන තැන්පත්කරුවන්ගේ සංගම්වල 2000 ක් 3000 ක් පමණ සිටින බව සඳහන් කළත් පැමිණිල් ඉදිරිපත් වී නැතැයි පැවැසීය.

නිසි පරිදි පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවහොත් නීතිපති දෙපාර්තමේන්තුවට, පොලිසියට, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අධිකරණයට මුදල් ගෙවීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කළ හැකි බවද රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

මෙම සිද්ධියේදී පැමිණිලි කරන පුද්ගලයන්ට මුදල් ගෙවීමේදී ප්‍රමුඛතාව ලබාදීමට සිදුවන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මේ වනවිට පැමිණිලි 100 ක් පමණ ලැබී තිබෙන බවත්, සියලු පැමිණිලි ලැබුණහොත් විමර්ශන කඩිනම් කිරීමට හැකි බවද රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින් සිය සේවාදායකයන් විසින් තැන්පත්කරුවන් 65000 කට අදාළ තොරතුරු මේ වනවිට ලබාදී ඇති බවත්, තැන්පත්කරුවන්ගේ යැයි කියන සමාගම් කළ යුත්තේ නිවැරදි තොරතුරු ලබාදීම යැයිද දන්වා සිටියේය.

මෙම නඩුවේ තෙවැනි සැකකරු වන ඔන්මැක්ස් ඩී.ටී. සමාගමේ අධ්‍යක්ෂ සම්පත් සඳරුවන් නමැත්තාට ලබන මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට විමර්ශන නිලධාරීන්ට තමන් දන්නා තොරතුරු ලබාදෙන ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුවන්ගේ දේපළ 5 කට අදාළ ඉඩම්වල තක්සේරු වාර්තා ලබාගැනීමට අවශ්‍ය ඉඩම් හා නිවෙස්වල පිඹුරුපත්ද එදිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එන ලෙස සැකකරුට නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...