වත්මන් ජාතික සූරියත් රැඟෙන කණිටු කණ්ඩායම චීනයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 26, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික බැඩිමින්ටන්ලෝ සූරිය වන රනිත්මා ගියනගේ නායකත්වය දරන කණිෂ්ට කාන්තා බැඩිමින්ටන් කණ්ඩායම මෙන්ම ෂෙනුක් සමරරත්න නායකත්වය දරන ශ්‍රී ලංකා පිරිමි කණිෂ්ඨ කණ්ඩායම ලෝක සූරතාවලියකට සහභාගි වීමට චීනය බලා පිටත් වුණා. බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන යොනෙක්ස් BWF සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට සහ යොනෙක්ස් BWF අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීම සඳහායි.මේ සඳහා 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමට ක්‍රීඩකයන් 7 දෙනකු සහ ක්‍රීඩිකාවන් 8 දෙනකු ඇතුළත් ‍වෙනවා.


ලෝක බැඩ්මින්ටන් සම්මේලනය වෙනුවෙන් චීන බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන එම තරගාවලි ද්විත්වයේ සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලිය 2024 මෙම මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 5 වැනිදා දක්වා ද, අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලිය 2024 ඔක්තෝබර් මස 7 වැනිදා සිට 13 දින දක්වා ද චීනයේ නැංචැං ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.


ලොව ප්‍රබලතම බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන එම තරගාවලි ද්විත්වයට රටවල් 40ක් තරග වදින අතර, ශ්‍රී ලංකාව ‘එෆ්‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකාව සමඟ ඉන්දුනීසියාව, පෝලන්තය, උතුරු මරියානාස් සහ මැකාවෝ එම කාණ්ඩයට ඇතුළත් ය. තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුන්දින පුහුණු වැඩසටහනකට ද සහභාගි වීමට නියමිත අතර, එය මෙම මස 26 වැනිදා සිට 28 දින දක්වා පැවැත්වේ.


සහන් දීලක සහ දුමින්ද නිරෝෂණ මහත්වරු පුහුණුකරුවන් ලෙසත්, අසංක විජේසුන්දර, සුමිත්‍රා දිසානායක, බුද්ධික ද සිල්වා, විජයලක්ෂ්මි පුංචිහේවා නිලධාරී මණ්ඩලය ලෙසත් සංචාරයට එක්වී සිටිති.
ශ්‍රී ලංකා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම
ෂෙනුක් සමරරත්න (නායක), තිළිණ රාජකරුණා, තිඩස වේරගොඩ, අචින්ත්‍ය මඩපාතගේ, පසිඳු මිහිරංග, සංජුල හඳපාන්ගොඩගේ, පමිත් අත්තනායක.
ශ්‍රී ලංකා කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම
රනිත්මා ලියනගේ (නායිකා), සිතුලි රණසිංහ, රෂ්මි භාග්‍යා මුදලිගේ, වරංගනා ජයවර්ධන, දිලිනි අම්බලන්ගොඩගේ, සඳති හේවාගාල්ලගේ, ඉසුරි අත්තනායක, සිතුමි මිනාරා ද සිල්වා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...