ඊගල්ස් මෝන්සූන් ගොල්ෆ් තරගාවලිය 2024 – චීන වරායේ දී

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 26, (LNW) කොළඹ :

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සහ “HUAWEI Technologies” පුද්ගලික සමාගමේ ප‍්‍රධාන අනුග‍්‍රහක දායක ශක්තිය ඇතිව තෙවන වරටත් සංවිධානය කරනු ලබන මෝන්සූන් කුසලාන කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරඟාවලිය, 2024 සැප්තැම්බර් මස 28 සහ 29 වන දින ත‍්‍රිකුණාමලය වරායට සමීප සුන්දර චීනවරාය ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.

මෙම තරගාවළිය සදහා ලියාපදිංචි කිරීම ආරම්භ කල දින සිට මෙි දක්වා දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම නියෝජනය කරමින් 2024 සැප්තැමිබර් මස 25 වන දින දක්වා ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 60 දෙනෙකුට අධික පිරිසක් සිය ලියාපදිංචිය තහවුරු කරගෙන ඇති අතර ඊගල්ස් මෝන්සූන් ආරක්ෂක අභියෝගතා කුසලානය වෙනුවන් තරගවැදිම සදහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් තරඟකරුවන් රුසක් ද මෙම තරගාවළිය සදහා සහභාගිවිමට නියමිතව ඇත.


මෙම තරඟාවළියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමිමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 29 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හි පැවැත්වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : හෙට (13) ‘Rebuilding...