ඉරාජ්ට මොකද උනේ – යූටියුබ් චැනල් එකත් හැංගිලා !

Date:

ඊයේ දිනයේ කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩාංගනය හා ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ තරුණ තරුණියන් අද පෙරවරුව වනවිටත් එම ස්ථානයේ රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ විරෝධතාවය සඳහා සහභාගි වූයේ සීමිත පිරිසක් බව පවසමින් ඉරාජ් වීරරත්න මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබිණි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉරාජ්ට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉරාජ්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ප්‍රතික්ෂේප කිරීමේ මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි.

ඊයේ විරෝධතාව සම්බන්ධයෙන් ඉරාජ් තැබූ සටහන මේ වනවිට දක්නට නොලැබෙන අතර ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවද මේ වනවිට අක්‍රිය තත්වයට පත්ව තිබේ.

එපමණක් නොව ඉරාජ්ගේ යූටියුබ් නාලිකාවද ඉවත් කර ගැනීමට සිදුවීමට තරම් සමාජ මාධ්‍ය විරෝධය බරපතල විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...