2024 මහ මැතිවරණය සඳහා පළමු ඇප මුදල තැන්පත් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ (LNW):

අද (28) දින 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය වන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේය.