දින දෙකක් ඉන්ධන පෝලිමේ සිටි අයෙකු හදිසියේ මිය ගිහින්

Date:

දංකොටුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා. මියගොස් තිබෙන්නේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නමැති බස්රථ රියදුරෙකි.

ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස්රථයක සේවය කරන මෙම පුද්ගලයා සිය බස්රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා දින දෙකක් තිස්සේ පෝලිමේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ. පෝලිමේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබේ.

මේ අතර වෙන්නප්පුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණි පුද්ගලයෙකුද මියගොස් තිබෙනවා. 50 හැවිරිදි මෙම පුද්ගලයා සිය මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...