ජාතික ආරක්ෂාවට තර්ජනයක් තියෙන සියලු ආකාර හඳුනාගෙන තියෙනවා – ආරක්ෂක ලේකම්

Date:

කොළඹ LNW:ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව පවතින සියලුම ආකාර හඳුනාගෙන තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

”අපි හොඳ හැටි අඳුරගෙන ඉන්නවා රාජකාරියට කිරීමට අවශ්‍ය කරන හේතු සියල්ල හඳුනාගෙන තිබෙනවා. අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන සියලුම වර්ගයේ තර්ජන අපි හඳුනාගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටේ ජනතාව අපහසුතාවට පත්වෙන සියලුම මාදිලියේ සම්ප්‍රදායික නොවන තර්ජන තියෙනවා ගොඩක්. සම්ප්‍රදායික නොවන තර්ජන ඉතා ඉක්මණින් සමනයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රිවිධ හමුදාවේ හැකියාවන් වර්ධනය කරමින් ඒ අයගේ කැපවීම මත කාර්ය ඉටුකරන්න තමයි අපේ රජයේ බලාපොරොත්තුව.’‘ යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) පස්වරුවේ ආශිර්වාද ලබාගැනීම සඳහා ශ්‍රී දළදා මාළිගාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දියත උයන ආසන්නයෙන් මතු වූ මත්ද්‍රව්‍ය , අවි සහ මුදල්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඊයේ (04)...

”එකමුතු බවේ දෝංකාරය” සමාප්තිය සනිටුහන් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමාජ සහජීවනය සහ සාමය ශක්තිමත් කිරීම...

අයවැය හිඟය පහතට — රජයෙන් මූල්‍ය කළමනාකරණයේ ස්ථාවර ප්‍රගතියක්

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 05, කොළඹ (LNW): විනයගරුක සහ ප්‍රවේශම් සහගත...

ලංකාවේ දී ම ලංකාවට දිනන්න ඉඩක්

  නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...