*
Monday, September 30, 2024
spot_img

Latest Posts

නදීශා ගේ කාණුව දිගේ වගෙම හදවත දිගෙත් ගලන්න.එහි ද කුණුවලින් අවහිරයක් නැත.

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 29, (LNW) කොළඹ :

“ශ්‍රම බලකායට ඇතුළු වීමට පෙර සුදුසු සීමාවාසික තනතුරු සොයා ගැනීමට තෘතීයික මට්ටමේ සිසුන්ට සහාය වන සමූහ මූලාශ්‍ර වේදිකාවක්. මෙම වේදිකාව ගෝලීය වශයෙන් භාවිතා කරන්නන් සඳහා විවෘතව පවතින අතර, විවිධ පසුබිම්වල සිසුන් සඳහා අවස්ථා සහතික කරයි.“
“A crowdsourcing platform that assists tertiary-level students in finding suitable internship positions before entering the workforce. This platform is open to users globally, ensuring opportunities for students from diverse backgrounds“
https://web.facebook.com/myturnlk
රටේ දරුවන්ට අධ්‍යාපනික පරිසරය තුළ ඉදරිය දකින්නට සහය වෙන මිනිස් සමූහයකගේ මැදිහත්වීමේ අගය දැන ගැනීමට උඩින් දැක්වෙන ෆෙස්බුක් සමූහය වගේම එයට සම්බන්ධ තවත් සමාජ ජාලා සබඳතා ගැන දැන ගැනීමටත් ඔබට පුළුවන්.මේ වැඩේ පිටුපසත් ඉන්නෙ මේ මොහොතේ සමාජජාලාවල ලොකුම අවධානය දිනා ගනෙ සිටින ලාංකේය කාන්තා රත්නය නදීශා චන්ද්‍රසේනයි.


කෙතරම් කුණ රැඳුණද පිටතට ගලා නොඑන ආකාරයට සැකසි ඇයගේ අදහසින් නිර්මාණය වුණ කාණු පද්ධතිය ඔස්ට්‍රේලියාවේ ගුඩ් ඩිසයින් සම්මාන උළෙලේ හොදම නිර්මාණයට හිමි සම්මානය දිනා ගැනිම ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම්ය.වයිරල් වන ඇඟේ කතාවේ වැදගත්කම එම සම්මානය වන්නේ ඇය මේ සම්මනායෙන් හඳුනන්නෙකුටය.එහෙත් ඇය වඩාත්ම වැදගත් වන්නේ ඇයගේ වචන හා ක්‍රියාවන් අතර ඇති සමානකම නිසාය.මේ සටහන ඉහළින්ම තැබූ ඇය ඉහළින්ම සම්බන්ධ මයි ටර්න් වැඩ සටහන ද ඊට කදිම නිදසුනක් ය.


ඉතාලියේ සිටින ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර් නැමත්තා මේ ඔස්ට්‍රේලියානු තරුණියගේ නැති වුණු මුදල් පසුමිබිය සහ වටිනා කියන ලියවිලා ඇයට ලබා දීමට සුදුසුම කෙනා හැටියට නදීශාව තෝරා ගන්නේ ඇය හරියට දැන ගෙන නොවේය.ඒ ඇයගෙ හදවතේ තෙතැති මනුස්ස ගුණ අකුරු වෙන බව සහ ඊට සහතික බොහෝ සමාජ මාධ්‍යජාලාවන් හී හඳුනා ගන්නට ලැබෙන නිසාය.
ක්‍රියාත්මක වන්නේ නදීශාගේ පත්තරකමේ හැඩය.තොරතුරු එක එක පටලාගෙන පියෙන් පිය කොකුවල අමුණා ඉලක්කයට යන වේගවත් ඉව නදීශා සතු භාවිතාවක්ය.අවසානයේ ඉතාලියේ දී ලංකාවේ කෙල්ලෙකුගේ සහයෙන් ඔස්ට්‍රේලියානු තරුණියට සියල්ල නැවත ලැබෙන්නේය.
මෙ‘වැනි කතා බොහෝ වෙති.අධ්‍යාපනය සඳහා ඇයගේ මැදිහත්වීම මත උදව් ලබන බොහෝ අය වෙති.ඇය සම්මානය ගනු ලබන මොහොතේ නිදහස් සෞඛ්‍ය සේවය,සරසවියෙන් නික්මෙන තෙක්ම ලැබෙන නිදහස් අධ්‍යාපනයේ තැණුන නදීශාවන්ගේ ගෝලීය වටිනාකමම නිදසුන් බවට තබමින් ඊට ආදරය කරන සංවේදී වචන වැලක් අමුණන්නේය.
මෙහි එල්ලී මේ රටේ ඉපිද මේ රටේම දියවෙන එක අපේ පරම යුතුකම විය යුතුය යන්න ඇය කියන්නට උත්සාහ නොකරන බව මඟේ හැඟීමය.ඇය මේ මොහොතේ වඩාත් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්නේ ඕස්ට්‍රේලියාවේය.සමහර විට ඇයගේ දැණුම තවත් පොහොසත් වද්දී සහ එහි රශ්මිය තව දුරටත් ලෝකය වෙලා ගනිද්දී ඇය ඔස්ට්‍රේලියාවටත් වඩා හොඳ ජීවන තත්ත්වයක සාමාජිකාවක් වන්නට දෙවරක් නොසිතනු ඇත.


ඇය ඒ නිසා සිය කතාවෙන් පහදන්නේ තමන් මේ මොහොතේ ගත කරන විශ්වසනීය සමාජ වටපිටාවට පාදම බවට ලංකාවේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය.ඇය එයින් ලද දේ ඔස්සේ තව දුරටත් ලෝකයට පැමිණ ජීවිතය සැපවත්,රසවත් කර ගන්නට අලුත් පරම්පරාවට ද අත දෙමින් ඇත.ඇය දෙන ආදර්ශය රට භෞතිකව අත හැරියද,ඒ දෙස නැවත හැරී බලා දැනුවත් පොහොසත් මිනිසුන් ලෝකයටත් රටටත් දායාද කරන්නට මැදිහත් වීම අත නොහරින ලෙස කීමය.
එසේම අධ්‍යාපනය යනු මේ මොහොතේ මේ රටේ අනාගතය පොහොසත් කිරීමට මෙන්ම ලෝකය ඉදිරියේ කීර්තිය පළල් කරන්නට අත්‍යශ්‍යයම සාධකය බව කියන්නට ඇය උදාහරණයක්ව ඇත්තේය.පොළව මත නිදා සිටීමට වඩා ඊට වඩා නිදහස් අර්ථවත් පොළවක සිට එයින් ලැබෙන දෙයින් මාතෘ භූමිය පෝෂණය කරන්නට අවැසි ජාත්‍යන්තර සහ දේශිය මානව සම්පත් ගොනු කරමින් සිටින නදීශා,මතු දිනෙක ලංකාවේ කාණු පද්ධතිය නවීකරණය කර ගැනීමට සහ එය ඉහළම තාක්ෂණයෙන් පෝෂණය කරන්නට ජනතාව එක් රැස් කිරීමේ වගකීමට උර දෙමින් මඟ කියමින් ඉන්නේය.
පුංචි වැසි වතුරකටත් ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණික මෙවලම්වලට යම් තරසතට හෝ සමීප විය හැකි අගනුවරක් ඇවිද යා නොහැකි තරමට හතර වටින් වටවෙන රටක ඉපිඳ,ඒ රටේ සෞඛ්‍යෙය නිසා නිරෝගීව හැදී වැඩී,ඒ රටේ අධ්‍යාපන සංස්කෘතිය යටතේ සිය දැණුම පොහොසත් කර ගත් කාන්තාවක ලෙස නදීශා,අද සිය රටට දෙන පිණිවිඩය අතිශයින් වැදගත්ය.ඇය නිදහස් අධ්‍යාපනයෙන්,නිදහස් සෞඛ්‍යයෙන් පෝෂණය වුව ද,ඒ වෙනුවෙන් එම අධ්‍යාපනය සහ සෞඛ්‍ය රැඳෙද්දීම,පෞද්ගලිකව සෞඛ්‍ය සහ අධ්‍යාපනය පවත්වා ගෙන යාම කෙරෙහි විරුද්ධ වන්නට නදීශා නොසිතනු ඇත.ඒ පහුසව විඳින්නට මූල්‍යමය ශක්තිය ඇති අයට අවසර දිය යුතු ආකාරය අලුත් ආණ්ඩුවටද කල්පනා කරන්නට සිඳු වී ඇති ගෝලීය බලපෑම මත මේ මොහොතේ එම පෞද්ගලික අධ්‍යාපනය සහ සෞඛ්‍යය නියාමනය කළ යුතු ආකාරය ගැන අදහසක් ගන්නට නදීශාව යොදා ගන්නට හැකියාව ඇත.
අපයා ගත් දැණුමෙන් ලෝකයටත් රටටත් පලදායි වැඩ කරන නදීශාගේ සරල බස් වහර සහ හැසිරීම මචං මය ස්වරූපයකි.එය ඇයට ආදරය කරන්නට මෙන්ම, ඇයගේ පළල් ආදරයෙන් බොහෝ දෙනෙකුට රැකවරණය ලැබෙන්නට මඟ කියන්නකි.කාන්තාවක් මෙවැනි තැනකට ගියේ කොහොමද කියා ඇයගෙන් අසන්නට තරම් කිසිවෙක් මුග්ධ විය යුතු නැත.ශාරිරික වෙනස්කමකට අනුව බලය හැසිරිය යුතුය කියා සිතන සම්ප්‍රදායික සිතුවිල්ලෙන් ඔබ්බට රටට වැඩ කරන මිනිසුන් වෙමු යන ස්ත්‍රීත්වය,පුරුෂ ලිංගය අදාළ නොවන පුද්ගල මැදිහත්වීමක පෞරුෂය ඇයය.
ඒ පෞරුෂය ඉදිරියේ දිය හැකි හොඳම ගෞරවය ඕස්ට්‍රේලියානු නිර්මාණ සම්මානෝත්සවයෙන් නොලැබෙනු ඇත.ඇය සිතන පතන මිනිසුන්ට ආදරය කරන විලාසිතාව ආත්මීය අනුගමනය කරන්න.ඒ සමඟ වෙසෙන්න.දිනෙක මේ රට වෙනස් කරන තැනෙක ඇයගේ හැකියාව සමඟ ඔබේ හැකියාවද මුසු වෙන කේන්ද්‍රීය ඉඩක් සැකසෙනු ඇත.එදා ඇය කාණුවක් නිසා නොව ඇල්ලක් වගේ ඇස් වලින් කඳුළුවලට ගලන්නට ඉඩ දී,ආදරය උතුරා පිටාර යන හදවතින් මේ රටේ අනාගතය ගැන ඇය දුටු සිහිනය යථාර්තයක් වීමේ මොහොත ගෞරවයෙන් වැළඳ ගන්නවා ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan