චීනය සිය 75 වන නිදහස් දිනය සමරයි !

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 1949 ඔක්තෝම්බර් 1 වන දින මාඕ සේතුං විසින් මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ විධිමත් ප්‍රකාශය සිහිපත් කරන අද(01)දිනය මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික දිනය ලෙස සැලකේ.

1949 දී කොමියුනිස්ට් පක්ෂයේ ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙස තායිවානයට සහ කුඕමින්ටැන්ග් පසුබැසීමට හේතු විය. චීන කොමියුනිස්ට් විප්ලවය එමගින් මහජන චීන සමූහාණ්ඩුව ස්ථාපනය විය.

මෙවර 75වන නිදහස් දින සැමරුම බීජිං හි අභිමානයෙන් සමරනු ඇති අතර අවස්ථාවට විදේශිකයන් ඇතුළු 3,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිදහස් දින උත්සව සහ ප්‍රසංග සාමාන්‍යයෙන් රට පුරා පවත්වනු ලබන අතර, මෙම වසරේදී මහා හමුදා පෙළපාලියක් සහ මහා සංදර්ශන උත්සවයක් පැවැත්වීමට නියමිත වේ.

නිදහස් දින උත්සව සභාව අමතමින් චීන ජනාධිපති කොමියුනිස්ට් පක්ෂ නායක ෂි ජින්පින් සඳහන් කර තිබුණේ, කිසිදු අභියෝගයකට රට ඉදිරියට යාම වැළැක්විය නොහැකි බවයි.

ඒ අනුව, චීන ජනාධිපතිවරයා විසින් “එක් රටක්, ක්‍රම දෙකක්” මූලධර්මය යටතේ බීජිං විසින් පාලනය කරනු ලබන ස්වයං පාලන කලාප දෙක වන හොංකොං සහ මැකාවෝ හා තායිවානය සමඟ නැවත එක්වීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අතර ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාවය වැඩි දියුණු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ එක්සත් වීම අත්‍යවශ්‍ය බවත් සඳහන් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන්...

අධිකරණයේ උසස්වීම්!

උපාලි කොළඹගේ කොළඹ LNW:මහේස්ත්‍රාත්වරුන් 17 කට මහඅධිකරණ විනිසුරුවරුන් වශයෙන් උසස්වීම්...

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය...