*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව නව මංසන්ධියක: කරු ජයසූරියගේ උපදේශකත්වයෙන් IDAG ආරම්භ වේ.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ (LNW):

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ උපදේශකත්වයෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලන ක්‍රමවේද නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය පිළිබඳ ආයතනය (IDAG) ඊයේ (සැප්තැම්බර් 30) කොළඹදී ආරම්භ විය.

IDAG ආයතනය විසින් නායකත්ව සංවර්ධනය, ප්‍රතිපත්ති උපදේශනය, සිවිල් අධ්‍යාපනය, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ මහජන වගවීම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනික ආයතනයක් ලෙසත්, ප්‍රජා සහභාගීත්ව මුල පිරීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳ ක්‍රියාකාරී පර්යේෂණ සිදු කරන ආයතනයක් ලෙසත් කටයුතු කිරීමට නියමිතය.

එසේම IDAG ආයතනයේ ප්‍රමුඛතම අරමුණ වන්නේ සමකාලීන පාලන අභියෝගවලට මුහුණ දීම සඳහා තරුණ දේශපාලන නායකයින්ගේ නව පරම්පරාවක් බිහි කිරීමයි.

මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින්, දේශපාලඥයින්, විද්වතුන්, වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් සම්භාවනීය සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර IDAG හරහා පිරිනමනු ලබන පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා Institute of Politics (IOP) සමඟ හවුල්කාරිත්වයක් ඇති කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ද සිදුවිය.

මේ අතර උත්සවය අතරතුරදී ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතාගේ සුරතින් IDAG ආයතනය විසින් ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය, විමධ්‍යගතකරණය සහ පළාත් පාලනය පිළිබඳ පාඨමාලාව හැදෑරීම සඳහා තෝරාගත් සිසුන් පිරිසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද සිදු කරන ලදී.

මෙම අවස්තාව අමතමින් ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාවේ අරමුණු බිඳී ගිය, විකෘති විදේශ ප්‍රතිපත්ති සහ දූෂිත පාලන ක්‍රමයට එරෙහිව නව ආරම්භයක් හඳුන්වා දිය යුතු බවයි. එසේම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, D.S. සේනානායක සහ දොන් බාරොන් ජයතිලක වැනි අතීත නායකයින් විසින් පුරාතන කාලේදී රටට ලබා දුන් නායකත්වයේ සාරධර්ම සහ දේශපාලන කර්තව්‍ය යළි ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි.

එසේම මහජන නියෝජිතයන්ගේ අනාගත පරම්පරාව සඳහා නායකත්ව පුහුණුව, සදාචාර සහ ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම් ඉගැන්වීම සඳහා IDAG ආයතනය කටයුතු කරනු ඇතැයි තමන් බලා පොරොත්තු වන බවද ජයසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කීර්තිමත් සිවිල් සේවකයෙකු වූ හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, Institute of Politics ආයතනයේ සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල, IDAG ආයතනයේ සභාපති පාලිත ලිහිනියකුමාර, Institute of Politics ආයතනයේ විධායක ප්‍රධානී නීතිඥ අකලංක හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan