*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

ශ්‍රේණියෙන් ඉස්සීම තරම් රස නැති පාපන්දුවේ අනාගත තිත්ත

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 01, (LNW) කොළඹ :

ලාංකේය පාපන්දුව ලෝක ශ්‍රේණිගත කිරීම්වල පියවර කිහිපයක් පෙරට පැමිණ ඇත.ඊට හේතුව කණ්ඩායම විදේශිය අත්දැකීම් සහිත ලාංකේය සම්භවයක් සහිත ක්‍රීඩකයන්ගෙන් පෝෂණය වීමය.ලෝකයේ කුමන දක්ෂ කණ්ඩායමක් ගත්තද,එම කණ්ඩායමේ වැඩි දෙනෙක් සිය මව්බිම නොවන ලෝකයේ වෙනත් රටක වෘත්තීය පාපන්දු කරන ක්‍රීඩකයෝය.ඒ ඇත්ත මත පිහිටා බැලූ විට මේ කාරණය රටේ ක්‍රීඩාවට කරන අපරාධයක් නොවේය.එහෙත් ඒ ඇත්ත ලෝකයේ ජයග්‍රාහී කණ්ඩායමක් විමේ සැබෑ තත්ත්වයට ළඟා කරන්නටනම් ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෝ ලොව ඉහළම පාපන්දු සමාජවල ඉල්ලුමක් ඇති තැනට පත් විය යුතුය.
ගැටළුව පොළවේ ඒ ඉහළ ජාත්‍යන්තර දැණුම භාවිතයට ගන්නට සහ සිව් අතට ගලා යන්නට ඉඩ හැදෙන පිළිවෙලක් කල්පනා නොකරන්නේනම්,රටේ ජාතික කණ්ඩායමට එන තෙක්ම පාපන්දුව පරාජිත අගාධයේ ගිලී තිබීමය.ශ්‍රී ලංකාවට ඇති සම්බන්ධයට,ඥාතීත්වයට බැඳෙන මේ විදෙස් හී සිට පැමිණෙන ක්‍රීඩකයන්ගේ දැණුම ලංකාවේ පාපන්දුව සමග හුවමාරු වන්නේ ශ්‍රී ලංකාවේ පොළවේ පවතින පාපන්දුවෙන් ජාතික කණ්ඩායමට ක්‍රීඩකයොත් පැමිණියහොත් පමණය.එවිට එම ක්‍රීඩකයාට විදෙස් අත්දැකීම් ඇති දක්ෂයා සමඟ පුහුණුව සහ ක්‍රීඩා කිරීම හරහා ඔවුන්ගේ ශීල්පීය දක්ෂතා සහ උපක්‍රම ගැන අවබෝධයක් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේය.

අවුරුදු 17 න් පහළ දකුනු ආසියාතික තරගාවලියේ ප්‍රතිපලය


ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දුව කල්පනාවට ගත යුත්තේ ජයග්‍රාහි වරප්‍රසාදය පමණක් නොවේය.එය සමස්ත ලාංකේය පාපන්දුවට ජයග්‍රහණයක් ගෙනෙන භාවිතාවක් කරන්නේ කෙසේද යන්නය.එවැනි නිර්මාණාත්මක අදහසකින් ලීග් තරගාවලියක් වැනි දෙයක් විදෙස් ක්‍රීඩකයින් සහ දේශීය ක්‍රීඩකයන් එක් එක් ලීගයට බෙදා එක්ව ක්‍රීඩා කරන වැඩ සටහනක් සංවිධානය කළ හැකිනම් අගනේය.
මීට පෙර ඥාණම් පදනම පැමිණි ආකාරයටම ඒ සඳහා අනුග්‍රාහකයෙක් හෝ අනුග්‍රාහකයන් කිහිප දෙනෙක් සොයා ගන්නට ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය ක්‍රියා කළ යුතුය.මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් හරහා ක්‍රියාත්මක කරන ජාතික ලීග් තරගවලදී නිශ්චිත ක්‍රීඩා සමාජයක් වෙනුවට දකින්නට ලැබෙන යාපනය,දඹුල්ල,ගාල්ල,මහනුවර වැනි වූ කණ්ඩායම්වලට බෙදා විදෙස් ක්‍රීඩකයන් මෙන්ම ලාංකේය ක්‍රීඩකයන්ද එකිනෙකට මුසු කර තරගාවලියක් පැවත්වීම තුළ සිඳුවන්නේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරන්නට අවශ්‍යය ඉහළ මට්ටම ලංකාවේ වැඩි පිරිසක් අතර හුවමාරු වීමය.

අවුරුදු 20 න් පහළ ආසියානු සූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගවල ප්‍රතිපල


ඉහළ දක්ෂතා ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ලංකාවට ක්‍රීඩා කරවිම සඳහා ගෙන්වීම සහ තරග ජයගැනීම කියන කාරණය මතම පදනම්ව වැඩ කිරීමෙන්,ඒ පැමිණිමෙන් ගත හැකි බොහෝ අවස්ථාවන් ශ්‍රී ලංකාවට අහිමි වන්නේය.ඒ නිසා පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන පරිපාලනයක්නම් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන,ශ්‍රී ලංකාවට සැබෑ ආදරයක් සහ හැඟීමක් ඇති ලාංකේය සම්භවයක් ඇති ක්‍රිඩකයින් සමඟ තරග කිරීමට හැරෙන්න,ඔවුන්ට රටේ පාපන්දු ක්‍රීඩකයාගේ හැකියාව පෝෂණය කිරීමට ඇති ඉඩ ගැන ද සහ එහි අවශ්‍යයතාවය ගැන ද පෙන්වා දිය යුතු වන්නෙමු.නැතිනම් තරගයක දිනීම,ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යාම කියන කාරණාවන් කඩදාසි කොළයක් පොළව සේ වර්ණ ගන්වා විශාල වළක් මත පොළව සේ දැනෙන්නට එලා තැබීමක් පමණක් බව ශ්‍රී ලංකාවේ වයස් ඛාණ්ඩවල කණ්ඩායම් තමන් සහභාගිවන ජාත්‍යන්තර තරගවලදී ඔප්පු කර පෙන්වන්නේය.ඒ නිසා මේ බොරු වල වැසීම වෙනුවට හරියටම පස් දමා මට්ටම් කරන වැඩ පිළිවෙලක් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන විදේශ ක්‍රීඩකයින් යොදා ගෙන කළ යුතුව ඇත.
මේ තත්ත්වය හොඳින් පැහැදිළි කරමින් අවුරුදු 20 න් පහළ ආසියානු පාපන්දු සූරතාවලියට සහභාගි වූ කණ්ඩායම මැලේසියාව සමඟ වූ තරගය පමණක් ජය පරාජයෙන් තොරව කෙළවර කරගෙන ඔවුන් තරග වැදුණු ඊ කාණ්ඩයේ කණ්ඩායම් පහක් අතරින් පස්වන තැනට පත් විය.අවුරුදු 17 න් පහළ කණ්ඩායම ආසියානු තරගාවලියේ දී නොව,දකුණු ආසියානු කණ්ඩායම් අතර වූ තරගාවලියේදී ම බී කාණ්ඩයෙන් තරග වැද කණ්ඩායම් හතරක් අතරින් සියලුම තරග පරාජයට පත් වී අවසාන ස්ථානයට පත් විය.
එසේනම් අපි ජාතික කණ්ඩායමක් ලෙස පරාජය කරන රටවල් ලැයිස්තු ගත කරමින් සතුටු වෙන අතරේ අපේ පාපන්දුවේ අනාගතය වේගයෙන් නාය යමින් තිබෙන බව අප තේරුම් ගත යුතු නැද්ද?ලංකාවේ ක්‍රීඩා සමාජ අතර තරගාවලිවලදී නොව විදෙස් ක්‍රීඩකයින් විශේෂ කණ්ඩායම් යොදා පවත්වන ලීග් තරගාවලයකදී ප්‍රයෝජනයට ගෙන වැඩි දෙනෙක්ට ඔවුන් සමඟ තාක්ෂණික ක්‍රමෝපායන් ඉගෙන ගන්නට අවස්ථාව ලබා දීම ආසන්නම විසඳුමක් නොවේද?
ලංකාවේ අනාගතය ගැන සිතන තැනකට ක්‍රීඩාව ගෙන යන්නටනම් අද පාපන්දුවේ පොළවේ තත්ත්වය දියුණු කරන උපක්‍රමික කාරණාවලට මුල් තැන දීම වැදගත්ය.පිටින් ගෙන අලවන ස්ටිකර්වලින් ලැබෙන ජයග්‍රාහී එළිය සැබෑ පොළවෙන් මතු නොවන තාක් ශ්‍රී ලංකාවේ පාපන්දුවට අනාගතය දක්වා විහිදුනු ජයග්‍රාහී වැඩ පිළිවෙලක් සකසා ගන්න අසීරු වන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan