බ්‍රසීලයේ විලියන්ගේ සුරක්ෂිත ආවරණය යුක්රේනයට එරෙහිව විලන් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 03, (LNW) කොළඹ :

යුක්රේනයේ සටන්කාමීත්වය යළිත් පැහැදිළි කරමින් ඔවුන් මෙවර ෆුට්සාල් ලෝක කුසලාන අවසාන පූර්ව වටය දක්වා පැමිණියේය.යුද බිමක වෙඩි වැදෙන මිනිසුන් අතර උණ්ඩවල ඉලක්ක මඟ හැර නොනවත්වා ක්‍රීඩාව නඩත්තු කරන යුක්රේනය සිය නොපසුබස්නා වීර්යය සහ අධිෂ්ඨානය ද,මරා දැමිය නොහැකි බවට සිය හැකියාවෙන් ලොවට කියා පාන විශයක් බවට ක්‍රීඩාව පත් කරගෙන සිටියි.මේ අවසාන පූර්ව තරග සම්ප්‍රාප්තියද හැඳින්විය හැක්කේ යුක්රෙන්යේ විශිෂ්ඨ මානව හැකියවේ දහ දරා ගැනීමේ සළකුණක් ලෙසය.

එය අවසාන තරගය දක්වා රැඟෙන යන්නට ඔවුන්ට නොහැකි වූයේ හැකියාවට තව මදක් ඉවසිලිමත්වීම ද එකතු නොවන නිසාවෙනි.එහෙත් එම මද නො‘ඉවසිලිමත්කමම හේතුවක් හැටියට ගැනීමට නොහැකිය.එයට බ්‍රසීල දැල රකින විලියන්ගේ අපූරු දැල රැකීමේ හැකියාව මෙන්ම ඔහුගේ කඩිසර තීරණ සඳහා සිත සහ කය අපූරුවට සම්බන්ධවීම ද බල පෑවේය.
තරගයේ වීරයා ලෙස තරගයේ අවසාන තීරණය වූ 3-2 ක් වූ බ්‍රසීල ජයට ගෝල දෙකකින් සම්මාදම් වූ නායක දියේගෝ නම් කළත්,යුක්රේන ප්‍රහාරයන් ගෝල 2 ට සීමා කළ විලියන් බ්‍රසීල ජයග්‍රහණයේ සැබෑ ආරක්ෂකයා විය.

ෆුට්සාල් ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වරක් සූරතාවය දිනා ඇති බ්‍රසීල කණ්ඩායමට පළමු ගෝලය හිමි වන්නේ ද යුක්රේන ක්‍රීඩක රොස්ටයිස්ලව් ගේ පාදයේ වැදි ගෝලය තුළට ගිය ඔන් ගෝල් ලකුණක් ලෙසය.එහෙත් විදුලිය සදිසි පහරකින් සමස්ත තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නේ යුක්රේන ක්‍රීඩක චෙරනියාව්ස්කි ය.

සැනසිලි ගෝලයක් ලැබ සිටි බ්‍රසීලයට දෙවන ගෝලය මෙන්ම තෙවන ගෝලයද ලබා දෙන්නේ නායක ඩියේගෝ ය.යුක්රේනයේ දෙවන ගෝලය වාර්තා කරන්නට කොර්සෝන් සමත් විය.හුරුපුරුදු අවසාන තරගය ඒ අනුව බ්‍රසීලයට හිමි විය.අද (ඔක්තෝම්බර් 3) පැවත්වෙන ආර්ජන්ටිනාව සහ ප්‍රංශය අතර අවසාන පූර්ව තරගයෙන් ඉනික්බිති එහි ජයග්‍රාහකයන් ඔක්තෝම්බර් 6 වන දින 10 වන ෆුට්සාල් ලෝක සූරතාවය වෙනුවෙන් බ්‍රසීලයට එරෙහිව සටන් වඳිනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...