*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

UNP හා පොහොට්ටුවට ජන්දය දුන්න අයට දැන් තියෙන එකම විකල්පය සමඟි සන්ධානය පමණයි – චම්පික

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ජනතාවට අද තිබෙන එකම විකල්පය සමගි ජන සන්ධානය පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී මෙන් විවිධ විකල්ප ලෙස හඳුනාගත් අයට ඡන්දය ලබා දී ඡන්දය නාස්ති කරනොගන්නා ලෙසයි රණවක මහතා සඳහන් කරන්නේ.

මේ වන විටත් සමඟි ජන සන්ධානය සමඟ එක්වීමට විශාල පිරිසක් කැමැත්ත පළකර තිබෙන අතර ඔවුන් සම්බන්ධයෙන් සොයා බලා ප්‍රමිතියකට යටත්ව එක්කර ගන්නා බවද හිටපු මන්ත්‍රීවරයා කියාසිටියි.

“අපි පළමුවෙන් ම සමගි ජන සන්ධානය හැටියට අපි සුබ පතනවා. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට. ඒ වගේම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ආරාධනා කරනවා අපට ඡන්දය දුන් නොදුන් සියලු ම දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉදිරි කාලයේ දී අපිත් එක්ක සන්ධාන ගතවෙලා, එකමුතු වෙලා මේ රට වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට එකමුතු වෙන්න කියලා.

ද මේ රට ඉදිරියේ මේ මහජනයා දුන් වරම විශේෂයෙන්ම 2022 මැයි 09 හා ජූලි 09 ඇති වූ අරගලයේ අවසාන පියවර. මහජනයා බලාපොරොත්තු පිරිසිදු පාලනයක්, යුක්ති සහගත භාවයක්. ඒ සඳහා අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ගනුදෙනු අද ඉඳන් ඒ සාකච්ඡා ආරම්භ වෙනවා. ඒ වගේ ම යම්කිසි ආකාරයකට ව්‍යවස්ථා සංශෝධන කරයි නම්, එම ව්‍යවස්ථා සංශෝධන, යම් යම් අණපනත් වෙනස් කරනවා නම්, ඒ යුක්ති සහගත අණපනත් වෙනස් කිරීම්වල දී, අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරනවා.”

මේ අතර මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය සහය ලබාදෙන බවද රණවක මහතා කියාසිටියි.

”දූෂණය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරු, හිටපු ජනාධිපතිවරු, ඇමතිවරු, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ අණ පනත් තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ නිකුත් කරන ලද චක්‍රලේඛ තියෙනවා. ඒවා වෙනස් කිරීමේ දී අපේ උපරිම සහයෝගය ඔවුන්ට ලැබෙනවා. හැබැයි ඒවා විවෘතව සිදු කරන ලෙස අපි ඉල්ලා හිටිනවා. උදාහරණයක් හැටියට මේ පාර්ලිමේන්තු භෝජනාගාරය ගැන ලොකු විවේචන තියෙනවා. ඒ භෝජනාගාරය අපි පමණක් නෙමෙයි භෝජනාගාර ගණනාවක් තියෙනවා. ඒක පාර්ලිමේන්තු සේවකයෝ, ආරක්ෂකයෝ හුඟක් දෙනෙක් එහි ආහාර ගන්නවා. ඒ බිලත් වැටෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිට. ඉතින් ඒ නිසා ඒවා විවෘත භාවයකින් යුතු ව ඒ අදාළ මිල ගණන් වලට ඒක ලැබෙන්න සලස්වන ක්‍රමවේදයකට අපිත් එකඟයි. අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඒ කාලේ ගෙනාපු යෝජනාවක් තියෙනවා. ඒ යෝජනාවට අනුකූලව අපි සියලු දෙනාට ම කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ ම දූෂිතයින්ට දඬුවම් දීමේ දී පවතින නීති තත්ත්වයන්, දැන් නීති ගොඩක් සම්මත කරලා තියෙනවා. ඒ නීති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව තියෙනවා. ඒ සඳහා තවත් අවශ්‍ය නම්, ඒ වගේ ම රටෙන් පිටත ධනය රඳව ගෙන ඉන්න අය පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ ධනය ආපසු ගැනීමට, යම් යම් නීති රීති සම්මත කර ගැනීමට අවශ්‍ය නම්, ජාත්‍යන්තර තලයේ රටවල් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නම්, ඒවායේ දී ත්, අපි සාමූහික ව කරන්න සූදානම්. ඒ වගේ ම රටට එරෙහිව තියෙන මානව හිමිකම් යෝජනා ඇතුළු පසුගිය කාලයේ පැන නැගිච්ච ගැටලු වලට මුහුණ දීමේ දී ලබන මාර්තු වල මුහුණ දෙන්න තියෙනවා. ඒ ඒ අවස්ථාවල දීත් සාමූහික ව රටක් හැටියට අපි ලෑස්තියි ඒ සඳහා සහයෝගය දෙන්න. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා මේක වතාවකුත් ප්‍රකාශ කළා. මෙතෙක් කල් මේ රටේ පැවති ගැටුම් කාරී විපක්ෂ දේශපාලනය වෙනුවට සම්මුතිකාමී දේශපාලනයකට එළඹෙන්න. සමගි ජන සන්ධානයේ ඒ සඳහා ඉදිරියට එන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේ ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේ ම පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයින්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා දැන් තිබෙන එක ම විකල්පය සමගි ජන සන්ධානය පමණයි. ජනාධිපතිවරණය වගේ විවිධ විකල්ප කියලා හඳුනා ගත් අයට ඡන්දය ලබා දීලා ඔබේ ඡන්දය නාස්ති කර ගන්න එපා. මෙවර සමගි ජන සන්ධානයට එකතු වෙන්න. දැනටමත් පුද්ගලයන් හැටියට විශාල යෝජනා ප්‍රමාණයක් අපට එකතු වෙලා තියෙනවා. ඒ හැම පුද්ගලයෙක් ම අපි එකතු කර ගන්නවා ප්‍රමිතියකින් යුතු ව. ඒ විතරක් නෙවෙයි නව තරුණ වෘත්තීයවේදීන් හා කාන්තාවන්. ඒ වගේ ම විවිධ ජන කණ්ඩායම් නියෝජනය වන විචිත්‍රවත් කණ්ඩායමක් මෙවර මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් කරනවා නව පරපුරට ප්‍රමුඛතාව දෙමින්.” යනුවෙන් ඔහු ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan