*
Friday, October 4, 2024
spot_img

Latest Posts

බ්‍රසීලය හමුවන්නට ආර්ජෙන්ටිනාවට අවස්ථාව

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 04, (LNW) කොළඹ :

උස්බෙකිස්තානයේ ක්‍රියාත්මක 10 වන ෆුට්සාල් ලෝක කුසලාන තරගාවලියේ ඔක්තෝම්බර් 6 වන දා පැවත්වෙන අවසාන තරගයේදී බ්‍රදීලයේ ප්‍රතිවාදියා හැටියට පෙනී සිටීමේ අවස්ථාව ආර්ජෙන්ටිනාවට හිමි වුණා.යුක්රේනය පරාජය කරමින් අවසාන තරගයට පිවිසි බ්‍රසීලය මුණ ගැසීම සඳහා ආර්ජෙන්ටිනාව සුදුසුකම් ලබා ගත්තේ ප්‍රංශ ගෝල 3-2 ක් ලෙස පරාජයට පත් කරමින්.

කරට කර තරගයක් වූ මෙම තරගයේ දී දෙපිළේ ජයග්‍රහණයට ඉවහල් වූ කාරණය වූයේ කෙවින් ඇරෙටා සාර්ථක කර ගත් දඬුවම් පහරයි.ඔහු මේ තරගයේ දී තිරණාත්මක තෙවන ගෝලය මෙන්ම ආර්ජෙන්ටිනාවේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් පළමු ගෝලය ලබන්නටද සමත් වුණා. එහෙත් තරගය පුරා ප්‍රහාරය,ආක්‍රමණය සහ ආරක්ෂාව අතින් කැපි පෙණුන ආර්ජෙන්ටිනාවට දෙවන ගෝලය ලබා දුන් ඒන්ජල් ක්ලෝඩිනෝ තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට සමත් වුණා.

අවසාන මොහොත වන විට ආර්ජෙන්ටිනාවේ ජය වැළක්වීමට ප්‍රංශ දැල් රකින්නා පවා ඉදිරියට පැමිණ ක්‍රීඩා කරමින් ආර්ජෙන්ටිනාවෙන් තරගය උඳුරා ගැනීමට විශාල වෙහෙසක් ගත්තද ආර්ජෙන්ටිනාවේ දැලට පන්දුව යොමු කිරීමට නිකොලස් සාර්මෙන්ටියෝ ඉඩක් ලබා දුන්නේ නැහැ.

තරගයේ අවසාන තරගය දෙපිළෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද,වේගවත් තරගයක් වීමට ඉඩ තිබෙනවා.හොඳ, තියුණු අවසාන තරගයක් දැක ගැනීමේ අපේක්ෂාවෙන් සිටින ෆුට්සාල් පාපන්දු ලොලීන්ගේ බලාපොරොත්තුව ජයග්‍රහණය කරවන තරගයක් බවට පත් කරන්නට දෙපිළේම දක්ෂතා ඉවහල් වන බව නිසැකයි.

http://www.sportwaynews.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan