ආචාර්ය කීඹියහෙට්ටි, දැන් ඒ රුපියල් 10 යන්නේ කාගේ අතටද ?

අලුත් ආණ්ඩුව ආපු ගමන් බිත්තර මිල රුපියල් 10කින් පහළ ගියා. ඒ වෙලාවේ බොහෝම උද්දාමයට පත්වුණු ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික, රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහත්තයා ෆේස්බුක් සටහනක් තබලා තිබුණා “දැං තෙරෙනවද මෙතෙක් කල් ඒ රුපියල් 10 කාගෙ අතටද ගියේ කියා. ” යැයි ප්‍රශ්න කරමින්.

මුලින්ම එතුමා කරලා තිබුණේ අදාළ පුවත දැක්වෙන ඡායාරූපයක් පමණක් ඉහත කී තනි පේලියක සටහන සහිතව පළකිරීමයි. පසුව වැඩේ තරමක් අවුල් බව තේරුණු නිසාදෝ එතුමා තරමක් දිග සටහනක් ඊට එකතු කරලා තිබුණේ හිටපු ඇමතිවරයා ඒ රුපියල් 10 ගසා කෑ බවක් තමන් නොකී බව කියමින්.

එතුමාගේ මේ දෙවැනි පැහැදිලි කිරීම අනුවත් නැවෙන් බිත්තර එනකොට කන්ටේනර් පිටින් ඒවා ගන්න ජාලයක් තියෙනවා, ඒ අය නැවෙන් බිත්තර අරන් රුපියල් 8.50ක් විතර අතට තියාගෙන තමයි තොග වෙළෙන්දාට දීලා තියෙන්නෙ. මේ තොරතුරු සියල්ල ජාජබ ආණ්ඩුවට ලැබිලා තියෙන බව බිත්තර මාෆියාව දන්නවා කියලාත් එතුමා කියනවා. ඒ අනුව තමයි අර රුපියල් 10 අඩුවුණේ කියලායි එතුමා සැප්තැම්බර් 25 වෙනිදා කියලා තියෙන්නෙ. (ඉන්දියාවෙන් ගේන බිත්තර සතොස හරහා විකුණන බවක් තමා අපට නම් මතක විදියට ඒ කාලේ ප්‍රවෘත්ති හරහා කියවුණේ)

ආචාර්යතුමනි, අද ඔක්තෝබර් 06 වෙනිදා. ඔබතුමාගේ ප්‍රකාශයෙන් දවස් 10ක් ගතවෙද්දී අර රුපියල් 10 ආයෙම වැඩිවෙලා. ඊටත් වඩා වැඩිවෙන ආකාරයක් තමයි පෙන්නුම් කෙරෙමින් තියෙන්නෙ.

ඔබතුමා කියලා තියෙන ආකාරයට ඉල්ලුම් – සැපයුම් න්‍යායත් ලොස් නිසා දැන් ඒ රුපියල් 10 යන්නේ කාගේ අතටද කියා පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. මොකද, බිත්තර මාෆියාව ගැන ආණ්ඩුවට ලැබිලා තියෙන තොරතුරුත් ඔබතුමාට මේ එක්කම හෙළිදරව් කරන්න පුළුවන් නෙ ….

අපට බිත්තරෙන් දේශපාලන සෙල්ලම් කරන්න ඕනෙ නෑ, නමුත් අර රුපියල් 10 දැන් යන්නේ කාගෙ අතටද කියලා දැනගන්න එක හැමෝටම වැදගත් කරුණක් කියලා අපි විශ්වාස කරනවා.

~ ධනුෂ්ක ඒකනායක

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...

ශ්‍රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...

PHP වෙබ් අඩවි ආරක්ෂක දුර්වලතා පිළිබඳ රජයේ දැනුම්දීම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය...

ආර්ථික උපදේශකයකු වෙන්න දුමින්ද හුලංගමුවට ඇති සුදුසුකම් මොනවාද?

ඇඩොල්ෆ් විසිනි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී...