හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා වශයෙන් ජ්‍යෙෂ්ඨ නායක හෂෙම් සෆිඩින් පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල් හමුදා ප්‍රහාරයක් හෙතුවෙන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්‍රල්ලා මිය යාමෙන් අනතුරුව හිස් වූ ධුරය වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු ලෙස හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන හෂෙම් සෆීඩීන් තෝරාගෙන ඇති බව වාර්තා වේ.

සන්නද්ධ කණ්ඩායමේ විධායක කවුන්සිලයේ සභාපති ලෙස පත්කළ හෂෙම් සෆීඩීන් සංවිධානයේ ඉතා ඉහළ මට්ටමේ සාමාජිකයෙකු වන අතර ඔහු දිවංගත නස්‍රල්ලාගේ ඥාති සොහොයුරෙකු ද වේ.

පසුගිය සිකුරාදා (04)වන දින ඊශ්‍රායල ලුතිනන් කර්නල් නදව් ෂෝෂානි යටතේ හිස්බුල්ලාගේ බුද්ධි මූලස්ථානය වන බේරුට්හි ඩහියේ අසල්වැසි ප්‍රදේශයක් ඉලක්ක කරගත් ගුවන් ප්‍රහාර මාලාවකින් අනතුරුව හිස්බුල්ලා නායක හෂෙම් සෆීඩීන් සමඟ පැවති සන්නිවේදන සම්බන්ධතා නැති වී ඇති බව ලෙබනන් ආරක්ෂක මූලාශ්‍රයක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට නව නායක හෂෙම් සෆීඩීන් ජිවත්ව සිටිනවද නැතිද යන්න අවිනිශ්චිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය: බිඳවැටීමේ සිට පුනර්ජීවනය දක්වා වූ ගමන…

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකය...

විදුලි සේවකයින් වර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය...