බිත්තරයක මිල 36 – 37ක් නොවුණොත් කර්මාන්තයට බලපානවා – කෘෂිකර්ම අමාත්‍යාංශය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බඩඉරිඟු මිල ඇතුළු දැනට පවතින තත්වයන් අනුව බිත්තරයක මිල රුපියල් 36 – 37 වැනි අගයක පවත්වා නොගතහොත් එය බිත්තර නිෂ්පාදන කර්මාන්තයට අහිතකර බලපෑමක් එල්ල කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, කුකුළු කෑම සඳහා යන වියදම අඩුකිරීමට කටයුතු කරමින් සිටින අතර එම කටයුතු සම්පූර්ණ වීමෙන් පසු ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 20 – 30 වැනි අගයකට පැමිණෙනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්. පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

“කොහොමත් මේ වනවිට බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 32ක 33 ක වගේ වියදමක් යනවා. මේ වියදමෙන් වැඩි කොටසක් තියෙන්නේ කුකුල් කෑම. 80%ක් පමණ රඳා පවතින්නේ බඩඉරිගු මිල මත. බඩඉරිගු මිල තීරණය වීමේ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. ඒ ටික විසඳීමට අපි මේ දවස්වල කටයුතු කරමින් පවතිනවා. කොහොමත් බිත්තරයක් වෙළෙඳපොළේ රුපියල් 36 ක 37ක මිලකට තිබුණේ නැතිනම් කුකුල් කර්මාන්තෙට මේක බලපානවා. ඉදිරියේ දී කුකුල් කෑම සඳහා යන නිෂ්පාදන වියදම, විශේෂයෙන් බඩඉරිඟු සඳහා යන වියදම 165ක් පමණ වෙනවා. ඒක 140කට වගේ අඩු කරන්න පුළුවන්. ඒ කටයුතු ටික කරගත්තට පස්සේ රටේ බිත්තර මිල රුපියල් 29ත් 30ත් අතර තත්ත්වයකට පැමිණෙයි”

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...