පදක්කමින් එන දිලිත්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

සර්වජන බලය දේශපාලන එකමුතුව ‘පදක්කම’ ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පැවැසීය.

අද (07) බොරැල්ල සර්වජන බලය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් සර්වජන බලය දේශපාලන එකමුතුව සඳහා ලියාපදිංචිය ද ලබා දී තිබේ.

ඒ අනුව එම එකමුතුව පසුගිය ජනාධිපතිවරණය සඳහා ‘තරුව’ ලකුණින් ඉදිරිපත් වූ අතර එම ලකුණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලකුණ වේ.

එම නිසා එම ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නොහැකි නිසා පක්ෂයේ විධායක සභාව විසින් මෙලෙස ‘පදක්කම’ ලකුණ තෝරාගෙන එය මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ලියාපදිංචිය ලබා ගෙන ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නදීශාට හොඳ අවස්ථාවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...

අපහසු තරගය පහසුවෙන් ජය ගනියි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: අභියෝග ඉදිරියේ ශ්‍රී ලංකාව කෙතරම් ශක්තිමත්...

ඇමෙරිකාව දිනුවාට යුරෝපයේ ශක්තිය පෙන්නූ තරගයක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 14, කොළඹ LNW: ජපානයේ පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ...