පදක්කමින් එන දිලිත්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

සර්වජන බලය දේශපාලන එකමුතුව ‘පදක්කම’ ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පැවැසීය.

අද (07) බොරැල්ල සර්වජන බලය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් සර්වජන බලය දේශපාලන එකමුතුව සඳහා ලියාපදිංචිය ද ලබා දී තිබේ.

ඒ අනුව එම එකමුතුව පසුගිය ජනාධිපතිවරණය සඳහා ‘තරුව’ ලකුණින් ඉදිරිපත් වූ අතර එම ලකුණ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලකුණ වේ.

එම නිසා එම ලකුණින් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නොහැකි නිසා පක්ෂයේ විධායක සභාව විසින් මෙලෙස ‘පදක්කම’ ලකුණ තෝරාගෙන එය මැතිවරණ කොමිෂන් සභාවට යොමු කර ලියාපදිංචිය ලබා ගෙන ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...