පෙරේදා (10) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී භාණ්ඩාගාර බිල්පත්වල පොළී අනුපාත වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මාස තුනකින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා 19.71% ක්, මාස හයකින් කල්පිරෙන බිල්පත් සඳහා 22.73% ක් සහ වසරකින් කල්පිරෙන බිල්පත් සඳහා 23.36%ක් වශයෙන් ඉතාම ඉහළ පොළී අනුපාත එහිදී වාර්තා වී ඇත.
නව මහබැංකු අධිපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහ මහතා පත්වීමෙන් අනතුරුව සිදුකළ මුදල් ප්රතිපත්ති දැඩි කිරීමෙන් පසු මෙසේ පොළී අනුපාතික විශාල වශයෙන් ඉහළ යනු දක්නට ලැබේ.
RN