සියළු හොරු අපි අල්ලනවා – වසන්ත සමරසිංහ

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW):

උගන්ඩාවේ පමණක් නොව මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලාගේ සියලු දූෂණ ගැන සොයා ඒ පිළිබඳ පරික්ෂණ පවත්වන්න කටයුතු කරමින් තිබෙන බවත්, පසුගිය සමයේ ආන්දෝලනයට සියලු දූෂණ වංචා නඩු පිළිබඳ විමර්ශන යළි ආරම්භ කර ඇතැයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.

අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“ආණ්ඩුවට සති දෙකයි දැන් පරික්ෂණ පටන් අරගෙන තියෙන්නේ. සතුරෝ කලබල වෙලා තියෙනවා. අපි කියන්න ඕනේ කලබල වෙන්න එපා බැඳුම්කර වංචාව පිළිබඳව, පාස්කු ප්‍රහාරය පිළිබඳ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ අතුරුදන් කිරීම, දෙමළ තරුණයින් 11දෙනෙකු අතුරුදන් කිරීම, අසූචි පොහොර නැවට ගෙවීම, එයාබස් ගනුදෙනුව, මේ සිදුවීම්වලට අදාළ පරීක්ෂණ ආරම්භවෙලා තියෙනවා. නාමල් රාජපක්ෂ හිතාගෙන ඉන්නවා අපිට උගන්ඩාව පෙන්වලා ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ පරික්ෂණ යට ගහයි කියලා, නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපි උගන්ඩාව දෙස බලාගෙන ඩුබායි ගිණුම්වල සල්ලි මාරුකරපු හැටි හොයන්නේ නැතුව ඉඳියි කියලා. රවී වෛද්‍යාලංකාර එකක් ඩීල්දාලා යට ගහපු ෆයිල් ටික අවුසන්නේ නැතුව ඉඳියි කියලා. ඒ නිසා උගන්ඩාවේ ඉඳලා ප්ලේන් අරගෙන රාජපක්ෂලාගේ වෙඩින්වලට එනකොට ඒ අය ආවේ ගියේ කොහොමද කියන එක හොයනවා බලනවා. උගන්ඩාවේ විතරක් නොවෙයි මොන අබුඩාබියේ තිබ්බත් රාජපක්ෂලාගේ සියලු දූෂණ ගැන සොයනවා. ඒ නිසා හොරු පෝලීමට කරපු හොරකම් ගැන පරික්ෂණ පවත්වන්න කටයුතු කරමින් තිබෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...