*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

නෙළුම් කුළුණේ මාරාන්තික පිම්මෙන් ඉනික්බිති.

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 09, (LNW) කොළඹ :

මෙම පාසල් සිසුවිය කොළඹ නගරයේ ජාත්‍යන්තර පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක් බවත්, ඇය පාසල් නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත ගොස් 29 වන මහලෙන් පැන සිය දිවි හානිකර ගෙන ඇති බවට පොලීසිය සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
තවද මෙම පාසල් සිසුවිය මීට මාස කිහිපයකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන සිය දිවි හානිකරගත් පාසල් සිසුවාගේ සහ සිසුවියගේ මිතුරියක් බවත්, එම සිදුවීම නිසා ඇය දැඩි මානසික පීඩනයකින් පෙළුණු බවටත්, ඇයගේ පියා විසින් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබේ.


ඉහත පරිච්ඡේද දෙකම උපුටා ගත්තේ පොලිසිය පාදක කරගෙන න‍ෙළුම් කුළුණෙන් පැව හෝ වැටි මිය ගිය සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය උපුටා දක්වමින් මේ රටේ ප්‍රධාන සහ ප්‍රසිද්ධම මාධ්‍යයක් එම සිදුවීම වාර්තා කර තිබෙන තැනින්ය.
දැන් පරීක්ෂණ විද්‍යානුකූලව මේ දරුවන්ගේ ජීවිතවලට බලපාන ආකාරයේ තැනකට යොමු නොකර වසා දැමීම පහසුය.බොහෝ දුරට කිසිවෙකු විසින් තල්ලු කිරීමක් නොවන බවට සහතික කර ගැනීමේ ඉඩ පුළුල්ව ඇත.තවම කිසිවෙකු එවැනි සැකයක් හෝ මතු කර නැත.එහෙත් මේ ප්‍රවෘත්තියේ මේ මරණ තුනම එසේ වී ඇත්නම් පරීක්ෂණ කර අත් අඩංගුවට ගැනීමක් කරන්නට දෙයක් නැත්නම් එම සිඳුවීම් වසා දැමිය හැකිද?
පොලිසියට වෙනම විද්‍යාත්මකව පරීක්ෂණ කරන වෛද්‍ය කණ්ඩායම්,මනෝ විශ්ලේශකයින්,සමීක්ෂකයින්ගේ සේවය මෙවැනි තත්ත්වයකදී අවශ්‍යය බව තේරුම් යා යුතුය.මේ ප්‍රවනතාවය ඇති වන්නේ කෙසේ ද යන්න මෙන්ම එවැනි පැනීමකට මවස පොළඹවන සිඳුවීම් ඇසුරෙන් කර ඇති පරීක්ෂණ කවරේද යන්න ගැන වගේම,සෞඛය අංශ සමඟ එක් එවැනි තත්ත්වයන් වැළක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න විමසා බැලිය යුතුය.
නෙළුම් කුළුණ වැනි තැනක් පනින්නට සිතෙන අයෙකුට පනින්නට හැකි ඉඩ සැකසෙන විදිහට තිබෙනවාද යන්න විමසා බැලීම එහිදී අවධානය යොමු කළ යුතු කරුණක්ය.එහි මෙම දැරිය පැනපු උසට ගිය විට කොළඹ එම ස්ථානයට අනුව සිත්තම් කර ඇති තැන්වලට නරඹන්නන් බර දී බිදී ගිය තැන් දැකිය හැකිය.එ්වා යම් ආකාරයකට පරිස්සම්වීම වැදගත් බවට කරන සංඥාය.ඒවා කෙතරම් පරණද යන්න සහ ඒවා ගැන ඒ තරම් කාලයක් අදහසක් නැතුව සිටීම බරපතල අතපසුවීමක්ය.මේ තත්ත්වය මත නෙළුම් කුළුණ යනු ජනතාවට වින්දනීය පරාසයක් ඇති කරන තැනක් වෙනුවට සිය දිවි නසා ගැනීම්වලට පෙළඹවීම් කරන තැනක් වීමේ අවධානමක් ඇත.ඒ නිසා අඩුම තරමේ එහි සිටින ආරක්ෂකයින් ජනතාව සමඟ ඔවුන් ඉහළ සිට නැරඹීම් කරන සීමාවේ විමසිල්ලෙන් රැදී සිටීමේ අවශ්‍යයතාවයක් මතු වන්නේය.
මේ ඉහත ලිපියට අදාළව මේ වන විට මේ මියයන දරුවන්ගේ මිතුරන් හඳුනා ගැනීම,එම මිතුරන්ගේ දෙමව්පියන් හමු වී කතා කිරීම වැනි කාරණාවලට පොලීසිය පරීක්ෂණාත්මකව යොමු වී එම නිරීක්ෂණ සහ නිගමන ඔස්සේ කළ යුතු කාර්යයක් නැද්ද?මේ ප්‍රවෘත්තියට පොලිසිය උපුටා දක්වන කාරණා අනුව එසේ සිදුවීම වැදගත් බව හැඟෙන්නේ නැද්ද?
එසේම තවත් වැදගත් කාරණාවක් ගැන කවිශ්ක නම් https://bit.ly/3ZYmdUO මෙම ෆේස්බුක් ගිණුම හිමි තරුණයා අවධානය යොමු කරනවා.එය විද්‍යාත්මක සාධක මත පදනම් ව ලියූ සටහනක් නිසා කවිශ්ක ලියූ මේ සටහන පාඨකයන් දත යුතුම වෙනවා.


// නෙළුම් කුළුනෙන් සිසුවියක් ඇදවැටිලා. වැටිලද, පැනලද කියලා තාම පැහැදිලි නෑ. ඒ news එකත් එක්ක අවුරුද්දකට කලිං වගේ මම දාපු පෝස්ට් එකක් ආයෙම දාන්න හිතුණා.
දින දෙකකට විතර කලින් තට්ටු තුනක් උස බිල්ඩින් එකක ඉඳන් පහල බලන් ඉද්දි මට එක පාරම හිතුණා බිල්ඩින් එකෙන් පැනලා බලන්න. ගොඩක් මිනිස්සු මේවගේ දෙයක් අත්විඳලා තියෙනවා කියලා Reddit කියන platform එකෙන් හොයාගන්න පුළුවන් උනා. මෙහෙම බිල්ඩින්, කඳු මුදුන් වගේ උස් ස්ථාන වලින් කිසිම හේතුවක් නැතුව පැනලා බලන්න හිතෙන සංසිද්ධියක් තියෙනවා Call of the void කියලා. සිංහල පරිවර්තනය රික්තයේ ඇමතුම. ෂර්ලොක් හෝම්ස් කතාවකුත් මතක් උනා මේ එක්කම.
Call of the void කියන්නෙ l’appel du vide කියන ප්‍රංශ වාක්‍යය කණ්ඩයේ ඉංග්‍රීසි පරිවර්තනය. High place phenomenon (උස් ස්ථාන සංසිද්ධිය) කියලා විද්‍යාඥයෝ මේක හඳුන්වනවා.
April Smith කියන මහාචාර්යවරියගෙ research එකකට අනුව මිනිසුන්ගෙන් 50% ක් පමණ මේ call of the void කියන තත්ත්වය අත්විඳලා තියෙනවා. සියදිවි නසාගන්න උත්සහ නොකළ සහ එහෙම හිතලවත් නැති මිනිස්සුත් මේ තත්ත්වය අත්විඳලා තියෙනවා. මේ තත්ත්වය ඇතිවෙන්නෙ මොළය තුල වැරදි සන්නිවේදනයක (miscommunication) ප්‍රතිඵලයක් විදිහට වෙන්න පුළුවන් කියලා Smith කියනවා.
මෙහෙම call එකක් ඔයාටත් දවසක ආවොත් answer කරන්න නම් එපා.
Hiran Kavishka
Seek! Think! Know! Share! //

මේ සටහනෙ කියවෙන විදිහට එම දැණුම් දීම සිඳුවෙලා තියෙන්නෙ වසරකට පමණ පෙරයි.හැබැයි පදනමක් නැති ප්‍රකාශ අල්ලගෙන දේශපාලන න්‍යාය පත්‍රවලට නටන කිසිම කෙනෙක් වගකීමෙන් සිය ආයතනවල අවධානය මේ කෙරෙහි යොමු කර නැහැ.පරීක්ෂණාත්මකව call of the void සම්බන්ධයෙන් අවධානය යොමු කරලා නැහැ. High place phenomenon (උස් ස්ථාන සංසිද්ධිය) කියන කාරණයට අවධානය යොමු කරලා සමාජයේ එවැනි සිඳුවිම් බහුලවීමට බලපාන විද්‍යාත්මක පෙළඹීම් තියෙනවද කියලා කවුරුවත් හොයලා බලන්න ඉදිරියට ඇවිත් නැහැ.

නෙළුම් කුළුණෙන් පැන්නා,කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ මහල් නිවාස සංකීර්ණයකින් පැන්නා – ඒවා අපරාධ නෙමෙයි,සිය දිවි නසා ගැනීම් කියා ලිපි ගොනුව නඩු ගොනුව වසා දැමීමෙන් ඔබ්බට මේ සාකච්ඡාව නීතිය සහ සෞඛ්‍යය යන අංශවල අයගේ අවධානයට ගත යුතුයි.ඒ වගෙම රජයක් හැටියටද මේ ගැන කල්පනා කළ යුතුයි.ජනතාවට සිය දිවි නදා ගැනීමට ඇති උවමනාව පමණක් නොවේ,ඔවුන්ට එසේ කිරීමට ඇති සමාජමය හිදැසත් වසා දැමීම රජයටම අදාළ වෙයි.

call of the void මානසිකත්වය සම්බන්ධයෙන් එක්තරා තැනෙක ලියැවී තිබුණු දෙයක දැක් වුණේ එය කණස්සල්ලෙන් පිරුණු හැඟිමකට වඩා උදයෝගය දනවන උවමනාවක් විසින් ඇති කළ හැකි සිය දිවි නසා ගැනීමක් විය හැකි බවය.ඇතැම් විට මානසික ව්‍යාධියක්,අසමතුලිත භාවයක් අවිඥාණිකව මෙවැනි පෙළඹවීම් ඇති කරනවා ද විය හැකිය.කෙසේ නමුත් මෙහිදී අවබෝධය යොමු කළ යුතු වන්නේ මැරෙන්න හිතෙන මිනිස්සුන්ට මැරෙන්න නොහිතෙන රටක් මෙන්ම මැරෙන්න ඉඩක් නැති මිනිස් ජීවිත ගැන වගකියන සමාජයක් සැකසීමය.
එවිට නෙළුම් කුළුණේ උස, මිනිස්සුන්ට මැරෙන්න කරන ආරධනාවන් අඩුම තැනක් වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan