*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

කළගුණ නොදත් මිනිසුන්

ජනසම්මතවාදයට ගරු කරන ඕනෑම රටක පුරවැසියන් උද්ඝෝෂණ හා ජනතා අරගල මතින් සිය ඉල්ලීම් දිනා ගත් අවස්ථා එමට ඇත. ඕනෑම රටක වෙසෙන ජනතාවට තම ඉල්ලීම් දිනා ගැනීමට යුක්ති සහගත අයුරින් සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට අයිතියක් ඇත. කිසිවකූට ඒ පරම අයිතිය පැහැර ගැනීමට ද නොහැකිය. මෙවැනි ජනතාවාදී සිතුම් පැතුම්වලට ගරු කරන සමාජයකට ජනසම්මතවාදයට හිස නමන, ගරු කරන ඇහුම්කන් දෙන ඒ ඉල්ලීම් ඉටු කරන ජනතාවාදී ආණ්ඩු ලෝකයේ ඕනෑ තරම් බිහි වී ඇත.

මිනිසුන්ගෙන් බදු මුදල් අය කරමින් ඒ බදු මුදල්වලින් රටත් ජනතාවත් සුරැකීම ඕනෑම රජයක යුතුකම හා වගකීම වන්නේය. මිනිසා විසින් මිනිසා පාලනය කිරීම යන මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රටාව බිහි කළේ ග්‍රීසියෙනි. සියලු දෙනාටම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට දායක වීමට නොහැකි හෙයින් සමස්ත රටේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අභිලාසයන් මුදුන්පත් කිරීමට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නම් මහජන නියෝජිතයන්ගෙන් සමන්විත උත්තරීතර මණ්ඩලය අද පාර්ලිමේන්තුව දක්වා විකාශනය වී ඇත.

මෙසේ බිහි වූ ව්‍යවස්ථාදායකය රටේ උත්තරීතර ආයතනය වශයෙන් නීති සම්පාදනය කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන ඇත. විප්ලව, හමුදා කුමන්ත්‍රණ ආදි සියල්ලට වඩා ඉතා සාමකාමි අයුරින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුඛ්‍ය පරමාර්ථය වී ඇත. ශ්‍රී ලංකාවේ 1931 ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ සර්වජන ඡන්ද බලය හිමිවීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදි ගමනේ පෙර ගමන් කරුවෝ වුහ. එහිදී මැක්ලම් ආණ්ඩුකාරවරයා අපේ රටේ ජනයාට එදා සර්ව ජන ඡන්ද බලය ලබා දීමට තරම් දේශපාලනික විඥානයකින් හෙබි ජනතාවක් නොවන බවට වාර්තා කළේය. එහෙත් මේ සියලු බාධක මැද ශ්‍රී ලංකාවේ ජනතාවට සර්වජන ඡන්ද බලය දීමට ඩොනමෝර් සාමිවරයා ඇතුළු පිරිස පියවර ගත්හ.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රභූ පන්තිය ද සියලු ජනයාට එදා ඡන්ද බලය ලබා දෙනවාට කැමති නොවීය. ඊට හේතුව උගත්කම, ධනය, දේපළ මත ඡන්ද බලය පිරිනමන ලෙස එදා ඩොනමෝර් සාමිවරයාගෙන් අපේ රටේ ප්‍රභූවරු ඉල්ලා සිටියහ. එහෙත් ඩොනමෝර් සාමිවරයාගේ තීරණයට අනුව සමස්ත රටේ පුරවැසියන්ට ජනතා නායකයන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයාගේ සිට, අගමැති, ජනාධිපතිවරයා දක්වා රැගෙන යෑමට ඡන්දයේ බලය තරම් ප්‍රබල බලයක් තවත් නොමැතිවීමය.

එදා අපේ රටට ජාතියට ආගමට විශාල මෙහෙවරක් කළ අනගාරික ධර්මපාලතුමාට පොට්ටනිකාරයා යැයි කියූ රටක කළ ගුණ නොදත් මිනිසුන් අතරින් සමුගෙන එතුමා ඉන්දියාවට ගොස් නැවත ලංකාවේ ඉපදීමටවත් නොලැබේවා යැයි ප්‍රාර්ථනා කිරීමෙන් පැහැදිලි වන්නේ කළ ගුණ නොදන්නා අකෘතඥයන් සිටින රටක අප ජීවත් වන බව පසක් කරමිනි. මිනිසුන් සියලු දෙනාටම ප්‍රශ්න ඇත. ගෑස්, විදුලිය, ඉන්ධන, ජීවන වියදම මේවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයට පෙර සිට තිබූ ගැටලුවල උච්චතම අවස්ථාවට මේ යුගයේදී ඒමට සිදු විය.

බැඳුම්කර වංචා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අනිසි ලෙස භාවිත කිරීම, මේවායේ දිගුවක ප්‍රතිඵල අද භුක්ති විඳීමට සිදුව ඇත.
පුනර්ජනනීය බල ශක්තිය යටතේ හිරු එළිය සුළඟ ආදි වස්තූන්වලින් විදුලිය නිපදවීම වැනි කටයුතුවලට 2030 වන විට සපුරා යෑමට සිදුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරෙක ප්‍රකාශ කළේය. එහෙත් ඉන්ධන කා දමන තාප බලාගාර වල තවදුරටත් රැඳී සිටීමට වෙර දරන රාජ්‍ය නිලධාරින් අපේ රටට පිලිලයකි. කෙසේ වෙතත් ආවේගශීලි අයුරින්ම මෙන්ම ඉතා පහත් අයුරින් රටේ පාලකයාට කථා කරන සමාජ මාධ්‍ය ජාලා ඔස්තාර්ලාට ඇති ප්‍රායෝගික දේශපාලන දැනුම කුමක් ද යන්න වටහා ගැනීමටත් ඔවුන් සතු විසඳුම් මොනවා ද යන්න ද පැහැදිලිත් නැත.

බඩ ගින්නෙන් කිසිවකු මේ මොහොත දක්වා අපේ රටේ මියගොස් නැත. බාල පහත් දේශපාලනයෙන් පෙනී යන්නේ එදා මැක්ලම් ආණ්ඩුකාරවරයා කියූ පරිද්දෙන් අපේ රටේ ජනතාව තවම දේශපාලන වශයෙන් පරිණත වී නැති බවය. ලෝකයේ බොහෝ රට වලට අදත් සම්පුර්ණ ජනගහනය එන්නත් ලබා දීමටවත් නොහැකි වී තිබෙන අවදියක. කඩිනමින් ක්‍රියාත්මක වෙමින් ජනතාව වසංගතයෙන් බෙර ගැනීම සදහා එන්නත් ලබා දීමට කටයුතු කල අන්දම අද ජනතාවට අමතක කරවමින් සිටි.

මෙය ලෝකයේ සෑම රටකටම ආර්ථික අපහසුතා ඇත. ඒවා කළමනාකරණය කර ගැනීම සදහා ඒ රටවල ජනතාව සහය වන අතර, ශ්‍රී ලංකාවේ එයට හාත් පසින්ම වෙනස් දෙයක් සිදු වේ. අරගල කිරීමෙන් නැති වී යන්නේ එදා වෙලා සරි කර ගැනීමට උත්සහ දරන අහිංසක ජනතාවගේ ජීවිතය බව ජනතාවටම වැටහෙන විට අප තවත් අගාදයේ පහලටම වැටි අවසන් වනු ඇත.

ශම්මි ~ Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan