ජනපති අනුරට ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සුබ පැතුම ගෙන ආ වතිකාන තානාපතිවරයා!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):

අද (09) දින ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.BrianUdaigwe) හිමිපාණන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඇත.

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වතිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනව ලදි.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙන යාමට හැකිවනු ඇති බව පැවසූ වතිකානු තානාපති උඩෙයිග්වේ හිමිපාණන් ඒ වෙනුවෙන් තමන් හදවතින්ම සුබ පතන බවද ප්‍රකාශ කළ බව පැවසේ.

ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ජනතාව අපේක්ෂා කරන අයුරින්ම මනා සංවර්ධනයක් රට තුළ මේ වන විටත් සිදු වෙමින් පවතින බවද සඳහන් කර ඇත.

ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ දැක්ම සහ කැපවීම ඇගයිමට ලක් කළ තානාපතිවරයා එම සියලු ප්‍රයත්නයන් වෙනුවෙන් වතිකානයේ සහාය ලබා දෙන බව ද ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව මුහුණුදුන් අතිශය අමිහිරි අත්දැකීමක් වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද මෙහිදී කණගාටුව ප්‍රකාශ කළ අති උතුම් උඩෙයිග්වේ හිමිපාණන් ඒ පිළිබඳවිනිවිදභාවයෙන් සහ විශ්වාසනීත්වයෙන් යුතුව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මුලපිරීම ද පැසසුමට ලක් කළ බව පැවසේ.

වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන අඛණ්ඩ උත්සාහයට වතිකානයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවටද උඩෙයිග්වේ හිමිපාණන් සහතික වී ඇත.

ශ්‍රී ලංකාව සහ වතිකානය අතර පවතින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ශ්‍රී ලාංකේය ජාතියේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් එකඟ වී තිබුණ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...