*
Thursday, December 26, 2024
spot_img

Latest Posts

බිහිසුණු “මිල්ටන් සුළි කුණාටුවෙන්” ඇමෙරිකාවේ fප්ලොරිඩාව තැති ගනී…..!

අශෝක ජයතුංග

ඔක්තෝබර් 09, වොෂින්ටන් LNW :

ඇමෙරිකාව් නැගෙනහිර ප්‍රදේශ මායිම්ව ඇති අත්ලාන්තික් සාගරය හරහා තව පැය කිහිපයකින් කඩා වදින “මිල්ටන්” සුළි කුණාටුවෙන් එරට ප්‍රබලම සංචාරක පාරාදීසය හා අභ්‍යවකාශ මෙහෙයුම් ප්‍රදේශය අයත් මියාමි නගරය ප්‍රමුඛ fප්ලොරිඩා ප්‍රාන්තය තැතිගෙන තිබේ. ඇමෙරිකාවේ අගනගරය වොෂින්ටන් හා වානිජ නගරය නව්යෝර්ක් සමග නැගෙනහිරි මුහුදු තීරයේ මියාමි පිහිටා ඇති අතර වොෂන්ටන් හා මියාමි අතර දුර සැතපුම් 1060 ක් එනම් කිමි 1650 කි.

පැයට කිමි 270 කට අධික වේගයකින් ඇමෙරිකාවේ fප්ලොරිඩා හි ටැම්පා තුඩුවෙන් ඇතුල්වන “මිල්ටන්” පස්වන කාණ්ඩයට අයත් දරුණු ව්‍යසනකාරී හා මාරාන්තික අනතුරක් බවට වර්ගවී තිබේ. 1924 සිට එම කාණ්ඩයට අයත් කුණාටු 40 කට fප්ලොරිඩාව බිළිවී තිබේ. ඉන් අහිමිවූ ජීවිත හා දේපොළ අති විශාලය. මීට සති 03 කට පෙර එම ප්‍රදේශයට කඩා වැදුන “හරිකේන් හෙලේනා” කුණාටුවෙන් 220 ක් මියගිය අතර සිදුවූ අලාභය ඝණනය කරන්නටත් පෙර මිල්ටන් කුණාටු අනතුර පැමිණෙමින් තිබේ.

මේ වනවට හදිසි තත්වය ප්‍රකාශකර මිලියනයක ජනතාව ප්‍රදේශයෙන් ඉවත්කර තිබෙි. මියාමි ජනශුන්‍ය තත්වයට ලගාවෙමින් පවතී. ජනතාව ඉවත් කරන මාර්ග වල අධික තදබද පවතින නිසා හෙළිකොප්ටර් විසින් මාර්ග මෙහෙයුම් සිදුකරන පසුබිමක් ද පවතී. අධික සුළං ධාරානිපාත වැසි හා අඩි 15  මට්ටමට ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින අතර  ප්‍රදේශයෙන් ඉවත් නොවී සිටින අය ක්ෂණිකව වාහන සමගම ජලයට බිළිවිය හැකි බවට අනතුරු අගවා තිබේ.

ඇමෙරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය සංගමයට අයත් හරිකේන් හන්ටර්ස් කණ්ඩායම විසින් මිස් පිගි (Miss Piggy) නම් නවීන තාක්ෂණ ගුවන් යානය මිල්ටන් සුළි කුණාටුව වෙත යවා මේ වනවිට කුණාටුවේ ස්වභාවය ගැඔුරින් අධ්‍යනය කරමින් සිටී. ඇමෙරිකානු හමුදාව, ගුවන් යානා,හෙළිකොප්ටර්, බෝට්ටු හා අත්‍යවශ්‍ය සියලු කටයුතු මේ වනවිට ඇමෙරිකානු හා ප්‍රාන්ත ආණ්ඩු විසින් සම්පාදනය කරමින් සිටිති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan