අපිට හොරු එක්ක ගණුදෙනුවක් නැහැ. අවංකව වැඩකරන අයට අපි විවෘතයි!

Date:

කොළඹ LNW:හොරු, ජනතාව රැවටු පුද්ගලයින් සමඟ ගණුදෙනුවක් නැතත් රට ගොඩනැගීමට අවංකව කැපවෙන අයට ජාතික ජන බලවේගය විවෘත බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

ඒ, අද (10) කොළඹ දිස්ත්‍රික්කයේ නාමයෝජනා භාරදීම සඳහා මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

එමෙන්ම මෙවර ඉහළම කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුව ගොඩනගන බවද ඇය සඳහන් කරන ලදී.

”සෑම දිස්ත්‍රික්කයකින්ම ජාතික ජන බලවේගය ශක්තිමත් කණ්ඩායම් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඉතාම සන්තෝෂයට පත්වෙනවා මේ කණ්ඩායමත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට තිබීම ගැන. අපි පොරොන්දු වෙච්ච විදිහට පාර්ලිමේන්තුවට අලුත් මුහුණුවරක් ගේන්න පුළුවන්. මේ රටේ සියලුම දෙනාට නියෝජනයක් දෙන්න පුළුවන් අය අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරණයේදී මෙන් මෙවර ඒ වෙනස තහවුරු කරයි කියල. අපි ජනතාවට බොරු පොරොන්දු දීලා නැහැ කවදාවත්. පහුගිය ආණ්ඩු දීපු බොරු පොරොන්දු නිසා ඇතිවෙලා තියෙන ව්‍යකූලත්වය හොඳින් පේනවා ආණ්ඩුව භාර ගත්තට පස්සේ. අපේ ප්‍රතිපත්ති අපි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළා. ඒ කියපු දේවල්වලට අපි බැඳී ඉන්නවා. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපි සහයෝගයෙන් වැඩකරනවා. අපි කියල තියෙනවා හොරුත් එක්ක අපිට ගණුදෙනුවක් නැහැ. මිනිස්සු රවට්ටපු අයත් එක්ක අපිට ගණුදෙනුවක් නැහැ. හැබැයි මේ රට ගොඩනගන්න අවංකව කැපවීමෙන් ඉදිරිපත්වෙන සියලු දෙනා එක්ක වැඩකරන්න අපි විවෘතයි. මේ පර අපි ර්ලිමෙන්තුවේ වාර්තාවක් තියනවා ඉහළම කාන්තා නියෝජනය ලැබෙන පාර්ලිමේන්තුව ඊළඟ පාර්ලිමේන්තුව” යනුවෙන් ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...