ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

අද (11) දින, ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජ තානාපති, Semith Lütfü Turgut මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක මූලස්ථාන, සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී ඇත.

සිය කාර්යාලය වෙත පැමිණි තුර්කි තානාපතිවරයා, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සුහඳ කතාබහක ද නිරත වී තිබෙන බව සඳහන් වේ.

මෙහිදී රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, දෙරට අතර දැනට පවතින ආරක්‍ෂක සහයෝගීතාව සහ එම සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ඇති අවස්ථා සොයා බැලීම ආදී වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.

එමෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වා ගනිමින් ආරක්‍ෂක කටයුතුවලදී අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වයේ අවධානය යොමු වී තිබෙන අතර, සාකච්ඡාව අවසානයේ මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...