මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හිටපු මුස්ලිම් අමාත්‍යවරයෙකුට වෙඩි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මුම්බායි හි ජ්‍යෙෂ්ඨ මුස්ලිම් දේශපාලනඥයෙකු හා හිටපු අමාත්‍යවරයෙකු වන බාබා සිද්දික් ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණයකට සති කිහිපයකට පෙර වෙඩි තබා මරා දමා ඇති බව වාර්තා වේ.

66 හැවිරිදි හිටපු අමාත්‍යවරයා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තුන් වතාවක් ව්‍යවස්ථාදායක සභාවට තේරී පත්වුවකු වන අතර සිද්දික් දශක ගණනාවක් තිස්සේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය සමඟ සම්බන්ධ වී සිටි නමුත් මෑතකදී ජාතිකවාදී කොන්ග්‍රස් පක්ෂයට (NCP) සම්බන්ධ විය.

කිහිප වතාවක් වෙඩි ප්‍රහාරයට ලක් වූ හිටපු අමාත්‍යවරයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ලීලාවතී රෝහලේදී මියගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ප්‍රහාරකයන් බවට සැක කෙරෙන දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් අයකු සොයා පොලිසිය කටයුතු කරමින් සිටින බවයි.

සිද්දික් බොලිවුඩයේ සුපිරි තරු කිහිප දෙනෙකු සමඟද සමීපව සිටි අතර සුඛෝපභෝගී සාද පැවැත්වීම සඳහා ප්‍රසිද්ධියට පත්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණාට ජය සළකුණු පෑදුණු තරගාවලියක් – ශ්‍රී ලංකාවට අලුත් බලාපොරාත්තුවක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: පළමුවන දකුණු ආසියාතික ෆුට්සාල්...

ප්‍රවීණ මාධ්‍ය­වේ­දි­යකු අවසන් ගමන් යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා වෘත්තීය...

‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන අද (27) ජනපති ප්‍රධානත්වයෙන්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : බුද්ධශාසන, ආගමික සහ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...