අපි බංකොලොත් රටක් ලෙස පරණ අවුරුද්ද අවසන් කරනවා – රනිල්

Date:

සියලු ණය සේවා අත්හිටුවීම නිවේදනය කිරීම ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට නිවේදනය කිරීමක් හා සමාන බවට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව එළඹෙන සතිය තුළ ඩොලර් මිලියන 200 ක ණයක් ගෙවීමට අසමත් වී ඇති අතර, සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවා තිබේ.

මෙය බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇති බවත්, මෙම තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

එමෙන්ම, වොෂින්ටනයට ගොස් පවතින තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේ වගකීම දැන් නව මුදල් අමාත්‍යවරයාට පැවරී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

එමෙන්ම රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම භාරගත යුත්තේ වත්මන් රජය බව ද රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.

කෙසේවෙතත්, තවමත් ශ්‍රී ලංකාවට මෙම අර්බුදය විසඳීමට හැකි බවත්, ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මතුව තිබෙන බවත් ඔහු යළිත් අවධාරණය කරයි.

මැයි මැද වන විට ඉන්දියානු ණය  අවසන් වනු ඇති අතර, විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ජූනි මාසය වන විට පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වනු ඇති බව ද ඔහු සිහිපත් කරයි.

මතුව ඇති තත්ත්වය හමුවේ කිසිඳු කොන්දේසියකින් තොරව සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගැනීමට රජය කටයුතු කළ යුතු බවත්, මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මඟින් රටේ අර්බුදය විසඳෙන්නේ නැති බව ද ඔහු පෙන්වා දෙයි.

සෑම දෙනෙකුටම සමාන ලෙස ඇහුම්කම් දීම කාගේත් වගකීමක් බවත්, රජය සමඟ සාකච්ඡා කර සැලැස්මක් සකස් කළ පසු කොන්දේසි සකස් කළ හැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරයි.

ලෙබනනයේ IMF ගිවිසුම ඔවුන්ගේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මත රඳා පැවතුනු බව සිහිපත් කරන එජාප නායක වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිදුවිය යුත්තේ ද මෙය බව පෙන්වා දෙයි.

මේ මොහොතේ ශ්‍රී ලංකාව සිටින්නේ ඉතාම අසීරු තත්ත්වයක බවත්, අප පරණ අවුරුද්ද අවසන් කරන්නේ බංකොලොත් රටක් ලෙස බවත් ඔහු සිහිපත් කරයි.

බංකොලොත් ජාතියක් ලෙස පරණ අවුරුද්ද අවසන් කරන අප සෑමදෙනාගේම එකතුව තුළින් යළි ගොඩ ගැනීමට උත්සාහ කිරීමට කළ යුතු බව පෙන්වා දෙමින් ඒ මහතා එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සුභාශිංසන එක්කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...