බැසිල් තාම මැච් එක අතහැරලා නැහැ – විමල්ගෙන් අනාවරණයක් (VIDEO)

Date:

කොහෙන් කොහෙන් හරි මැට්ටෝ ටිකක් එකතු කරලා ඔළු ගෙඩි 113ක් පෙන්වා කැබිනට්ටුවක් අටවලා එයින් ජනතාවගේ දැවෙන විරෝධය සමනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

ඒ, අද පක්ෂ 11 එකමුතුව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එවැනි මෝඩ වැඩවලට පක්ෂ 11 සම්බන්ධ නොවන අතර රටේ පවතින අරාජිකත්වය විසඳා ගැනීමට සද්භාවයෙන් ඉදිරිපත් කළ යෝජනා තේරුම් නොගෙන පරණ තාලේටම නම් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට යන්නේ එය කළ නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට රටේ තරුණ දරුවන් ඉල්ලා සිටින්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන පරිවර්තනයක් බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර දේශපාලන පාපිස්සකට ගත යුතු හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තවදුරටත් මේ දේශපාලනය අතහැරීමට සූදානමක් නැති අතර පක්ෂ 11 නියෝජිතයින් බිලී බා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවයි මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණ කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...