*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

උගන්ඩාවට ගෙනිච්චේ තෝමස් ඩිලා රූ සමාගමේ සල්ලි – කොට්ටහච්චි දැන් කියන කතාව

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරියේදී තම ආණ්ඩුවක් යටතේ පූර්ණ විමර්ශනයක් සිදුකර උගන්ඩාවට හෝ වෙනත් රටකට මෙරට මහජන මුදල් රැගෙන ගොස් ඇත්නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

ප්‍රශ්නය – උගන්ඩාවේ මුදල් ගේන කතාවක් කියවුණානෙ, ඒක ගැන මොකක්ද දැන් කියන්න තියෙන්නෙ ?

“ඔව්, මං හිතන්නෙ මේ කෙටිකාලීන දේශපාලන ජීවිතය ඇතුළෙ බොහෝ අවලාදවලට මඩ ප්‍රචාරවලට මම කරපු සමහර ප්‍රචාරයන් පාදක වුණා. මෑත කාලීනව මට නමක් පටබැඳිලා තියෙනවා උගන්ඩා කුමාරි කියලා, උගන්ඩා මැණිකේ කියලා. කොහොමවුණත් මෙතනදී මට කියන්න තියෙන්නෙ පැහැදිලිවම ජනාධිපතිවරණ රැලි මාලාවේදී දේශපාලන වේදිකාවේ කරපු සෑම කතාවකදීම මගේ මූලික ඉලක්කය වුණේ මේ රටේ නීතිය සාමය යුක්තිය සාධාරණත්වය නැවත ඇතිකරලීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට මොකක්ද කළ හැකි කාර්යභාරය කියලා කියන එක. ඒ අපේ සැලැස්මේ කොටසක් විදියට අපි ඉදිරිපත් කළා වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනයක් පිහිටුවන්න බලාපොරොත්තු වෙනවා කියන එක. ලෝකයේ දියුණු රටවල්වල නීතිය ක්‍රියාත්මක කිරීමේදී එබඳු ආයතන පිහිටුවලා තියෙනවා තමන්ගෙ දේශය තුළ හෝ දේශයෙන් පිටත මහජනතාවගේ මුදල් අයථා විදියට භාවිත කරමින් තියෙනවා නම් ඒවා නැවත අත්පත් කරගන්න. ඔන්න ඔය කොටස ගැන වේදිකාවේ කතා කරන මොහොතේදී ඒ මැද කියපු කොටසක් තමයි උගන්ඩාවේ තියෙන සල්ලි නැවත අපේ රටට ගේන්න ඕනෙ නැද්ද කියලා අහපු ප්‍රකාශය. ඒ ප්‍රකාශය කරන මොහොතෙත් මට පූර්ණ අවබෝධය තිබුණා තෝමස් ඩිලා රූ සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කළා, ඒක තමයි සමාජය විසින් කතිකාවකට ලක් කරගත්ත පුවත. හැබැයි මේක තෝමස් ඩිලා රූ සමාගම විසින් ලැබුණු ඇනවුමකට අනුව කරපු මුදල් රැගෙන යාමක්. නමුත් අපි දන්නවා මේ මොහොතේදීත් උගන්ඩාව පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල්වල අපේ පෙර පාලන තන්ත්‍රය විසින් ආයෝජනය කරපු විවිධ වත්කම් තියෙනවා. කළු සල්ලි සුදුකරපු ඒවා තියෙනවා. ඒවා ප්‍රසිද්ධියේ කරලා නෑ කවුරුත්. අප්‍රසිද්ධියේ තමයි කරලා තියෙන්නෙ. ඒ මුදල් ආයෝජනවලට අදාළව, මුදල් රැගෙනයාම් වලට අදාළව අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන අපේ ආණ්ඩුවක්, අපේ බලයක් යටතේ සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ජාතික ජන බලවේගයේ නෙවෙයි ජනතාව බලාපොරොත්තු වෙනවා ඕනෑම ආණ්ඩුවකින්. මේ මොහොතේදී මට කියන්න තියෙන්නෙ ඒ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් මම පූර්ණ වගකීම දරනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපේ ආණ්ඩුවක් යටතේ යම් විමර්ශන සිදුවේවි. ඒක උගන්ඩාවෙ විතරක් නෙවෙයි අපේ රට ඇතුලෙ වුණත් රටින් පිට ඕනෑම රටක වුණත් එහෙම අපේ මුදල් රැගෙන ගිහින් තියෙනවා නම්, වෙනත් නීතිවිරෝධී ආකාරයකට ආයෝජනය කරලා තියෙනවා නම් ඒකට අවශ්‍ය පියවර ගන්න අපි කිසිම මොහොතක දෙපාරක් හිතන්නෙ නෑ”

නිලන්ති කොට්ටහච්චි මහත්මිය මේ බව පැවසුවේ පෙරේදා (13) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවති ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan