සටහන – රුවන් නෙළුගොල්ල
ලබන සඳුදා (21) දිනයේ සිට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඇනවුම් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර 750,000ක තොගය සෙනසුරාදා දිනයේදී මෙරටට ලැබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.