අරගලකරුවන් ගැන ජනාධිපතියි අගමැතියි තාමත් ඉවසනවා – එස්.බී.

Date:

ආණ්ඩුවට එරෙහිව තරුණ තරුණියන් ඇතුළු රටේ ජනතාව ආරම්භ කර ඇති මහජන අරගලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තවමත් ඉවසීමෙන් කටයුතු කරන බව, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

තරුණ දරුවන්ගේ කේන්තිය ඉතාම සාධාරණ බවත්, ඔවුන්ගේ ගැටලු පිළිබඳව ආණ්ඩුවට ඉතා පැහැදිලි අවබෝධයක් තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි. ආණ්ඩුව සැමවිටම උත්සාහ දරමින් සිටින්නේ ජනතාව විඳින පීඩාවලින් ඔවුන් මුදවා ගැනීම සම්බන්ධයෙන් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, ඉතා ඉක්මනින් ජනතා ගැටලු විසඳා ඔවුන්ට සහන ලබාදීමට හැකිවනු ඇති බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් බොහෝ කරුණුවලට එකඟ විය හැකි බවත්, විශේෂයෙන් රජයේ ආදායම ඉහළ දමා ගැනීම සම්බන්ධයෙන් සිදුකර ඇති යෝජනාව ඉතා හොඳ යෝජනාවක් බවත් දිසානායක මහතා පවසනවා. රජයේ ආදායම මේ වනවිට 08% කට වඩා පහතට වැටී ඇති බවත්, බදු සහන ලබාදීම හරහා ආදායම පහතා දමාගෙන තිබෙන්නේද ආණ්ඩුව විසින්ම මහත් ඔහු සඳහන් කරනවා.

රජයේ වියදම් සීමා කිරීම මෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමද ඉතා හොඳ යෝජනා බව එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...