ශ්‍රී ලංකා කණ්ඩායමට ආගමික ආශිර්වාදය

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 17, (LNW) කොළඹ :

ඕමානයේ පැවත්වෙන ආසියානු නැ ගී එන සූරයන්ගේ තරගාවලියට පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සර්ව ආගමික ආශිර්වාදය හිමි වුණා.මේ සමඟ දැක්වෙන්නේ එම අවස්ථාව අදාළ ඡායාරූපයි.


මෙම ආශිර්වාදයන්ගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය බලා පිටත්ව ගිය අතර එහිදි අදහස් දැක් වූ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ප්‍රකාශ කළේ තමන්ගේ කණ්ඩායම සිටින කාණ්ඩයට ඇතුළත්ව සිටින බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය වඩාත් පළපුරුදු ජාතික ක්‍රීඩකයින් සිය කණ්ඩායම්වලට එකතු කර ඇති බවයි.එහෙත් ශ්‍රී ලංකාව සතුව දක්ෂ තරුණ පිතිකරුවන් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ අනාගතය භාර ගැනීමට සිටින ක්‍රීඩකයින්ට හොඳ අත්දැකීමක් වන බව ද අවිශ්ක පැවසුවේය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...