‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ’ සම්බන්ධයෙන් හිටපු අගමැති හසීනා අත්අඩංගුවට ගැනීමට නියෝග

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සති ගණනාවක් තිස්සේ බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතා ව්‍යාපාර හේතුවෙන් පසුගිය අගෝස්තු 5 වන දින ආරක්ෂාව පතා ඉන්දියාවට පැන ගිය බංග්ලාදේශ් අගමැතිනි ශික් හසීනා අත්අඩංගුවට ගන්නා ලෙස බංග්ලාදේශ අධිකරණයක් නියෝග කර තිබේ.

බංගලාදේශයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICT) ප්‍රධාන අභිචෝදක මොහොමඩ් තාජුල් ඉස්ලාම් අද(17)දින නිවේදනය කර තිබුණේ, නොවැම්බර් 18 වනදා වන විට අධිකරණයට පැමිණෙන ලෙස නියෝග කරමින්, හසීනා සහ තවත් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති බවයි.

පසුගිය ජූලි සිට අගෝස්තු දක්වා 1000කට අධික පිරිසක් මියගිය ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීම වෙනුවෙන් සමූලඝාතන, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කරිම සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වේ.

මේවන විට හසීනාගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බංග්ලාදේශය ඇය ඉන්දියාවේ සිටීම කෝපයට පත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...