ඉමේෂා හිසින් එල්ල කළ පහරින් මාල දිවයින පරාජයට පත් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 19, (LNW) කොළඹ :

නේපාලයේ පැවත්වෙන දකුණු ආසියානු කාන්තා පාපන්දු සූරතාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.මාල දිවයින කණ්ඩායමට එරෙහිව ගෝල 1-0 ක් ලෙස ජය ගත් මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වුණේ ඉමේෂා වර්ණකුලසූරියයි.කොළම විශාකාවෙන් පාපන්දු පිටියට දායාද වුණ ඉමේෂා,වර්ථමානයේ රිනවුන් ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා.ඇය විසින් තරගයේ 17 වන විනාඩිය ගෙවෙන තැන දී අත් කර ගත් එම ගෝලයේ පන්දු සැකසුම ප්‍රවීනා පෙරේරා අතින් අති විශිෂ්ඨ අයුරෙන් සිදු වුණා.විශේෂයෙන්ම කාන්තා පාපන්දුව ගැන නිතර සමාජය අවදි කරන සමාජ ජාලා හරහා ඒ සඳහා උත්තේජනයක් ඇති කරන ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩිකාව වන්නේ ද ප්‍රවීනා යි.


මේ තරගය ශ්‍රී ලංකාව පැත්තෙන් වඩාත් වන්නේ හිසින් එල්ල කළ පහරකින් ගෝලය රැස් කරමින් දක්ෂතම ක්‍රීඩිකාව වූ ඉමේෂා සහ ඒ වෙනුවෙන් අපූරු පන්දු සැකසීමකින් යුත් යොමුවක් කළ ප්‍රවීනා පමණක් නොව තරගය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම විධිමත් සැළසුමකට ක්‍රීඩා කිරීමය.පන්දු හුවමාරුව ඉහළ මට්ටමකින් සිඳු කරමින් ලාංකේය කාන්තා පාපන්දුවේ හැඩය ධනාත්මකව වෙනස් වී තිබෙන බව මේ තරගයේදී පැහැදිළි වීම තරගාවලියේ අවසාන ප්‍රතිපලය කුමක් වුව ද,ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දුව ඉදිරිගාමී වර්ධනයක් ලබමින් තිබෙන බව පැහැදිළි කිරිමකි.


මේ අතර සත්කාරක නේපාලයට එරෙහිව හොඳ සටනක් දුන්න භූතානය තරගය ජය පරාජයකින් තොරව නිමා කර ගන්නට සමත් වුණා.කිසිඳු කණ්ඩායමකට ලකුණු ලබා ගැනීමට නොහැකි වූ තරගයක් ලෙස එය නිමාවට පත් වුණා.ආරම්භක දිනයේ දී ඉහළම ජය ලැබූ කණ්ඩායම බවට පත් වුණේ ඉන්දියානු කණ්ඩායමයි.ඔවුන් තරගය ලකුණු 5-2 ක් ලෙස පකිස්තානයට එරෙහිව ජය ගැනීමට සමත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?