*
Sunday, October 20, 2024
spot_img

Latest Posts

ඒඩ්ස් ගැන පත්තරේ විස්තරේ ඇත්තද ?

රුධිර දායකයින් අතුරින් 1327කට ඒඩ්ස් කියලා තිබුණ පුවත්පත් වාර්තාවක් ගැන ගොඩක් දෙනා මගෙන් ඇහුවා. මේ ඒ ගැන විස්තරයක්.

මුලින්ම කියන්න ඕනේ මේ පුවත්පත් වාර්තාවේ තියෙන තොරතුර සම්පූර්ණයෙන්ම වැරදියි. ලංකාවේ රුධිර දායකයින් අතුරින් HIV ආසාදිතයින් විදිහට වසරකට හඳුනා ගැනෙන්නේ මීට වඩා ඉතා අඩු සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න මට නීත්‍යානුකූල අයිතියක් නෑ ආයතන සංග්‍රහයට අනුව. ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවයේ www.nbts.health.gov.lk කියන වෙබ් අඩවියට ගිහින් එහි තියෙන දත්ත බලා ගන්න පුලුවන්. එහෙම නැත්නම් නිසි ක්‍රමවේදයකින් තොරතුරු දැන ගන්න පුලුවන්.

මේ කාරණයේ විද්‍යාත්මක පසුබිම පොඩ්ඩක් බලමු.

රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණෙන කෙනෙක්ට රුධිරය මඟින් බෝවෙන රෝගයක් තියෙනවානම් එයාගෙන් රුධිරය ලබා ගන්නා රෝගියාට ඒ රෝගය බෝ වෙන්න පුලුවන්. නොයෙකුත් බැක්ටීරියා සහ වයිරස මඟින් සෑදෙන රෝග මේ විදිහට බෝ වෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. HIV කියලා කියන්නේ එයින් එකක් විතරයි. ඒ විදිහට ලේ පැකට්ටුවකින් රෝග පැතිරෙන එක වලක්වන්න ජාතික රුධිර පාරවිලයන සේවය දැඩි පරිශ්‍රමයක් දරනවා.

මේ එහෙම ගන්න පියවර කිහිපයක්.

පළවෙනිම දේ තමයි ශ්‍රී ලංකාවේ සියයට සියයක්ම ස්වේච්ඡා රුධිර දායකයන්ගෙන් රුධිරය ලබා ගැනීමෙන් රුධිරයේ සුරක්ෂිත බව තහවුරු කරනවා. සමහර රටවල මුදල් ගෙවා රුධිර දායකයන්ගෙන් රුධිරය ලබා ගන්නවා. ඒ රුධිරය සුරක්ෂිත යැයි විශ්වාස කරන්න අමාරුයි. තමන්ගේ නෑදෑ හිත මිතුරන්ගෙන් රුධිරය ලබා ගැනීම වඩා සුරක්ෂිතයැයි විශ්වාස කළත් විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන්නේ ස්වේච්ඡා රුධිර දායකයන්ගෙන් ලබා ගන්නා රුධිරය වඩා සුරක්ෂිත බවයි. 2014 වසරේ ඉඳලා ශ්‍රී ලංකාවේ රුධිරය ලබා ගන්නේ ස්ව කැමැත්තෙන්ම රුධිරය පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වෙන ස්වේච්ඡා රුධිර දායකයන්ගෙන් විතරයි.

රුධිරය පරිත්‍යාග කිරීමට පැමිණෙන පුද්ගලයන් හට රුධිරය මඟින් බෝවන රෝගයක් තියෙන්න හැකියාවක් තියෙනවා නම් එම රුධිර පරිත්‍යාගය පිළි ගන්නේ නෑ. ඔවුන්ව රුධිර පරිත්‍යාගයෙන් ප්‍රතික්ෂේප කරනවා. රුධිර පරිත්‍යාගයට පෙර අත් පත්‍රිකා, දැන්වීම්, වීඩියෝපට සහ හඬපට ආදිය මඟින් ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කරනවා. ඒ නිසා රුධිරය පරිත්‍යාගය නොකිරීමට ඔවුන්ටම තීරණය ගැනීමට හැකියාව ලැබෙනවා. රුධිර පරිත්‍යාගයට එන අයට රුධිර දායක පත්‍රිකාවක් දෙනවා. ඒ මඟින් ඔවුන්ගේ සෞඛ්‍යය සහ හැසිරීම් ගැන විමසනවා. ඒ වගේම වෛද්‍ය නිළධාරියෙකු විසින් ඉතා පෞද්ගලිකව උපදේශනයට ලක් කරලා රෝගයක් තියෙන්න අවදානම් හැසිරීමක් ඇතිදැයි සොයා බලනවා. මෙහිදී ඔවුන් ලබා ගන්නා ඖෂධ සහ ලිංගික ක්‍රියාකාරකම් ආදී ඉතා පෞද්ගලික කරුණු පවා විමසනවා. ලිංගික සහකරුවන් එක් අයෙකුට සීමා නොවූවන්, මත් ද්‍රව්‍ය එන්නත් ලබාගෙන ඇති පුද්ගලයින්, පසුගිය වසරක් ඇතුළත කන් වීමක් හෝ පච්චා කෙටීමක් සිදු කරගෙන ඇති පුද්ගලයින් සහ සෙංගමාලය වැළඳී ඇති පුද්ගලයින් ආදී රෝගයක් පැවතීමට සුළු හෝ අවදානමක් ඇති පුද්ගලයින් මෙසේ රුධිරය පරිත්‍යාගයෙන් ඉවත් කරන්නේ රුධිරයේ සුරක්ෂිත බව තහවුරු කරන්නයි. දායකයෙකුගෙන් රුධිරය ලබා ගන්නේ එවැනි අවදානමක් නැතිනම් විතරයි.

ඒ ටික කිව්වම කාට හරි මෙහෙම හිතෙන්න පුලුවන්, එතකොට පරිත්‍යාග කරන රුධිරය රෝග සඳහා පරීක්ෂා කරන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම පරීක්ෂා කරනවා. කිසිම හේතුවක් නිසා ඒ පරීක්ෂණ සිදු කරන්න කලින් රෝගීන් වෙත රුධිරය නිකුත් කරන්නේ නෑ. ඒ වගේම ලංකාව තුළ මේ පරීක්ෂණ සිදු කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී ජාත්‍යන්තර ආයතනවල නියාමනයන්ට අනුකූලව ලෝකයේ නවීනතම තාක්ෂණය භාවිත කරමින්.

ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවය විසින් ලබා ගන්නා රුධිරය මෙන්න මේ රෝග පහ සඳහා පරීක්ෂා කරනවා.

  • මානව ප්‍රතිශක්තීකරණ ඌනතා වෛරසය (Human Immunodeficiency Virus – HIV )
  • හෙපටයිටිස් බී (Hepatitis B )
  • හෙපටයිටිස් සී (Hepatitis C)
  • උපදංශය (Syphilis)
  • මැලේරියාව

ආසාදන තියෙන්න පුලුවන් කියලා පෙන්නුම් කරන රුධිර ඒකක භාවිතයෙන් ඉවත් කරනවා. ඒ රුධිර දායකයින්ට දැනුම් දීලා ඔවුන්ව වැඩි දුර පරීක්ෂණ සඳහා යොමු කරනවා. මෙතෙන්දි වැදගත් වන දේ තමයි පළමුවෙන් රෝගයක් තියෙන්න පුලුවන් කියලා පෙන්නුම් කරන ගොඩක් අයට රෝගයක් නෑ.

ඒ කොහොමද එහෙම වෙන්නෙ?

ලේ බැංකුවෙන් කරන පරීක්ෂණවල ඉලක්කය වෙන්නෙ රෝගීන්ට දෙන ලේ පැකට්ටුවක විෂබීජ නෑ කියන එක පුලුවන් තරම් තහවුරු කරන්න. ඒ නිසා ඒ පරීක්ෂණවල සංවේදීතාව (sensitivity) ඉතාමත් වැඩියි. සංවේදීතාව වැඩි නිසා රෝගයක් නොතිබුණත් රෝගයක් තියෙනවා කියලා පෙන්වන්න පුලුවන්. ඒඩ්ස් ගැන අර කියන 1327 සංඛ්‍යාව හැදිලා තියෙන්නෙ එහෙම වෙන්න පුලුවන්. නිශ්චිත පරීක්ෂණයකින් මේ අයට රෝගය තියෙනවද නැද්ද කියන එක තහවුරු කරන්න අවශ්‍යයි.

තව වැදගත් කරුණක් තියෙනවා. රෝගකාරකයක් ශරීරයට ඇතුල්වීමේ ඉඳලා පරීක්ෂා කරන ප්‍රතිදේහ හෝ ප්‍රතිදේහජනක පරීක්ෂණයෙන් හඳුනා ගත හැකි කාලය දක්වා කාලය හෙවත් කවුළු කාලය තුළ සිදු කරන රුධිර පරිත්‍යාග පරීක්ෂා කරනකොට රෝගකාරකය නෑ කියලා පෙන්වන්න පුලුවන්. ඒ වගේ ලේ පැකට්ටුවකින් ලබා ගන්නා රෝගියාට අදාළ රෝගය බෝ වෙන්නත් පුලුවන්. ඒ නිසා හැමවෙලාවෙම රුධිර දායකයා නිවැරදි තොරතුරුම ලබාදීම වැදගත්.

හො.ම.ත.ග.යු.

තමන්ට රෝගයක් තියෙනවා කියලා දැන දැනම ලේ දන්දෙන එකනම් දණ්ඩ නීති සංග්‍රහයට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්. තමන්ට ලෙඩක් තියෙනවා කියලා සැකයි නම්, ඒක පරීක්ෂා කර ගන්න ඕනෙ නම් ළඟම තියෙන ලිංගාශ්‍රිත සායනයට ගිහින් නොමිලේම පරීක්ෂා කර ගන්න පුලුවන්. ඔවුන් ඔබේ රහසිගත බව රකීවි.

ප.ලි.

පෝස්ට් එක බෙදා හරින අයගේ අදහස HIV ආසාදිතයන් ගාණ වැඩිවෙන ප්‍රවණතාවක් තියෙනවා සහ ඒක පැතිරීම වළක්වන්න ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනෙ කියන එකනම්,
සංස්කෘතිකයි. එකඟයි.

~ වෛද්‍ය සමන්ත සෙනවිරත්න

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan