CID සහ පොලිසියේ ඇස් වසා ජොන්ස්ටන් කොහෙද ගියේ?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21,කොළඹ (LNW):

නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් භාවිත කරන ලදැයි කියන සිද්ධියේ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අද (21) දින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරීන් රැසක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට හා ඒ අවට රැකවල්ලා ගෙන සිටි බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාරවීමට සූදානමක් පවතින බවට ලද තොරතුරක් මත, එලෙස රැකවල් යොදා තිතිබුණු බව පැවසේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පිවිසීමට තිබෙන සියලුම පිවිසුම් මාර්ග ආවරණය පරිදි පොලිසිය එලෙස රැකවල් යොදා තිබුණු බව වාර්තා වේ.

මේ වන විට විදෙස් ගමන් තහනම් කර තිබෙන සැකකාර හිටපු ඇමැති ජොන්ස්ටන් සේවියර් ප්‍රනාන්දු යන අයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කුරුණෑගල පොලිසිය මගින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (06) යටතේ දැනුවත් කර තිබුණ ද, එය මගහරිමින් සැකකරු කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන් බව වාර්තා වේ.

අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණ විමර්ශනයට අදාළ සහාය ලබා දීමක් සිදු නොකරන බවද නිරීක්ෂණය වී ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහෙස්ත්‍රාත්වරිය වෙත දැනුම්දී තිබේ.

එහිදී අදාළ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...