ඉදිරි වසර පහේ තීරණාත්මක බලවේගය පොහොට්ටුවේ අපි – නාමල්

Date:

කොළඹ LNW: එළෙඹෙන පාර්ලිමේන්තුව තුළත් ඉදිරි වසර පහ තුළත් දේශපාලන භූමිකාවේ තීරණාත්මක බලවේගය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්වෙන බව ඉතා වගකීමෙන් පවසන බව එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටට ආදරය කරන කඳවුර මෙන්ම ගම ගොඩනගපු දේශපාලන කඳවුර ලෙස වැඩකර පළපුරුද්දක් ඇත්තේ තමන් නියෝජනය කඳවුරට බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන ලද තීරණාත්මක බලවේගය මෙන්ම ගොවියා ධීවරයා,කම්කරුවා ආරක්ෂා කරන තීරණාත්මක බලවේගය වූයේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.

එමෙන්ම රටේ ඒකීයත්වය ආරක්ෂා කරන බලවේගය ලෙසද ඉදිරි කාලය තුළ ගොඩනැගෙන බව රාජපක්ෂ මහතා කියාසිටියි.

”ඉදිරි දේශපාලන ගමන් මඟ තුළ නවක නායකත්වයක් ගොඩනගන්න ඕනේ. අලුත් නායකයෝ අපි ගම්වල හදන්න ඕනේ. මැතිවරණ වේදිකාවල බොරු දේශපාලන පොරොන්දු වෙනුවට ප්‍රායෝගිකව දේශපාලනය කරන නායකයෝ අපි බිහිකරන්න ඕනේ. පහුගිය ජනාධිපතිවරණ මැතිවරණය දිහා බැලුවහම එක්කෙනාට එක්කෙනෙක් පරාජය නොවන ආකාරයට බොරු කිව්වා. අද බලයට ඇවිල්ලා තමන් කියපු බොරු ක්‍රියාත්මක කරගන්න විදිහක් නැතුව නායකයෝ කල්පනා කරනවා අපි දැන් මොකක්ද කරන්නේ කියල. ඒ නිසා නැවත වතාවක් මඩ ගහන දේශපාලනයට ඇවිල්ල තියෙනවා. යහපාලන ආණ්ඩුව වගේ හොරු අල්ලන දේශපාලනයට ඇවිල්ලා තියෙනවා. හොරු අල්ලන මුවාවෙන් බොහෝ කාරණා යටපත් කරගන්නා තැනට ඇවිල්ලා තියෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...