ජනප්‍රිය තීන්දු සහ නිවැරදි තීන්දු කියන්නේ දෙකක්. අපි බලමු ජන්දේ තියන්නේ අද නෙවෙයි නොවැම්බර් 14- රාජිත

Date:

කොළඹ LNW:ජනප්‍රිය තීන්දු සහ නිවැරදි තීන්දු යනු දෙකක් වන අතර හැමදාමත් වුණේ නිවැරදි ලෙස රට පාලනය කරගෙන යනවිට ආණ්ඩු පෙරළීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

මහ මැතිවරණය පැවැත්වෙන දිනය වන විට ජනතාවට තවත් බොහෝ දේ වැටහෙනු ඇති බවයි සේනාරත්න මහතා පවසන්නේ.

ඒ අනුව තමන් නියෝජනය කරන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඉලක්ක කර ඇත්තේ නොවැම්බර් 14 වැනිදා වන විට පැවැත්වෙන මැතිවරණයට බවද ඔහු කියා සිටියි.

”ජනප්‍රිය තීන්දු සහ නිවැරදි තීන්දු කියන්නේ දෙකක්. විජය කුමාරතුංග මැතිතුමා හැමදාම ජනප්‍රිය නළුවා. නමුත් එතුමා කිව්වා මට ආසම දේ තමයි හොඳම නළුවා වීම කියල. එතුමා හොඳම නළුවා වුණත්. නමුත් එතුමා හිටියේ නැහැ දිවංගත වෙලා. එතකොට මේ දෙකේ වෙනස තේරෙනවනේ. ඉතින් අපේ පැත්තේ ඉන්නේ හොඳම නළුවෝ ඒ පැත්තේ ඉන්නේ ජනප්‍රිය නළුවෝ. එදා 2001දීත් රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සෘණ 1.5ක ආර්ථික වර්ධනය 2003 වෙද්දී ධන 2.0කට ගෙනාවා.2004 වෙද්දී ඔහු ඒක ධන 3.0 වෙනකම් ගෙනාවා. ඒ තමයි නිවැරදි නායකත්වය. ජනප්‍රිය දේශපාලනය කරපු ජනතා විමුක්ති පෙරමුණයි චන්ද්‍රිකායි මංගල ලා ඔක්කොම එකතු වෙලා ආණ්ඩුව පෙරළ ගත්තා. ඒ ආපු ගමන නැවැත්තුවා. එහෙමනේ හැමදාම වුණේ. හැමද්ම ආණ්ඩුවක් කරගෙන එද්දී ජාතිය,භාෂාව,ආගම ඔය කියන කාරණා ඉස්සරහට දාලා රට විනාශ කළා. රටේ ආර්ථිකය විනාශ වුණා. රටේ සංවර්ධනය විනාශ වුණා. කොහොමත් ජන්දය තියෙන්නේ අද නෙවෙයි. නොවැම්බර් 14. ඒ වෙද්දී තව ප්‍රතිඵල තියෙයි. මේ රටේ මිනිසුන්ගේ මොළේ තව කොච්චරක් පෑදෙයිද බලමු. අපේ කැම්පේන් එක තියෙන්නේ නොවැම්බර් 14ට. 2015 අපි කොච්චර නම් ඉන්ධන මිල අඩු කළාද? ඒ තෙල්වලින් දුවලනේ අපිට විරුද්ධව ජන්දේ දුන්නේ. මගේ අක්ෂි කාච නොමිලේ නිකන් අරන්නේ දුන්නේ. ස්ටෙන්ස් නිකන්නේ දුන්නේ.”

රාජිත සේංරත්න මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (22) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මාධ්‍ය හමුවේදීය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...