විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙලක්!

Date:

කොළඹ LNW:විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එළඹෙන සංචාරක වාරයේදී මෙරටට විශාල සංචාරකයින් පිරිසක් පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අතර මේ වන විට මැදපෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය තත්ත්වයන් සලකා විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩපිළිවෙලක් යෙදීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් සියලුම පොලිස් ස්ථාන වෙත වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කිරීමට නියමිතයි.

එහි මූලික පියවරක් ලෙස ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව පිළිබඳ ඇතිවන ගැටලුවකදී 1997 දුරකථන අංකය වෙත දැනුම් දීමේ අවස්ථාව අද සිට සලසා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...