හිටපු රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්නගේ පේනය!

Date:

කොළඹ LNW:වත්මන් මාලිමා ආණ්ඩුවේ ආයු කාලය උපරිම අවුරුදු එකහමාරක් පමණක් බවත් ඉන් අනතුරුව ගෑස් සිලින්ඩරය යටතේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කණ්ඩායමේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීම ස්ථිර බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසීය.

පසුගිය සමයේ ඇතමුන් තමන් ඇසූ දුටු අත්දැකි දේට වඩා විරුද්ධ පාර්ශ්වයන්ගේ කතා විශ්වාස කළ නමුත් ඉදිරියේදී තමන්ට වැරදුණු බව ඒ පිරිස් වෙත අවබෝධ වනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

”පසුගිය සමයේ සමහර උදවියට දකින දේට වඩා ඇහෙන දේ ලස්සන වුණා. ඇතැම් වෙලාවට ඇහැට දකින්න ලැබුණ, මේ පොළොවේ තමන් අත්දැකපු දේට වඩා විරුද්ධ පාර්ශ්වයන් කියපු දේවල් විශ්වාස කරා. නමුත් ඒ හරහා සිදුකරගත් වරද ඉදිරියේදී සියලු දෙනාටම අවබෝධ වන බව විශ්වාසයි.
නමුත් ඔබතුමන්ලා හිතලා බලන්න ඔබේ මේ ආසනය ගොඩනැඟුවේ කවුද කියලා. කවුද නාවලපිටියට වැඩක් කළේ ? කවුද ගම්පොළ ආසනයට වැඩක් කළේ ? මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ අපේ මන්ත්‍රී කණ්ඩායම එක් ආසනයක් වෙනුවෙන් සීමා වුණේ නෑ. අපි හැකි සෑම අයුරින්ම මේ දිස්ත්‍රික්කය හදන්න කැපවුණා. ඉදිරියටත් ඒ යුතුකම් කොටස ඉටුකරන බව කිවයුතුයි.එදා මහනුවර දිස්ත්‍රික්කයෙන් නාවලපිටිය ආසනය වැඩිම ජන්ද ප්‍රමාණයක් අරගෙන අපේ කඳවුර ශක්තිමත් කරද්දී ඊළඟට වැඩිම ජන්ද ප්‍රමාණයක් අරගෙන දීලා ඊට ශක්තිය ලබාදුන්නේ ගම්පොළ ආසනයයි. ඒ නිසා අපි පුළුවන් තරම් පිරිස එකතු කරමු. පිරිස එකතු කරගෙන ශක්තිමත් වෙමු. පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ කවුරුන් හෝ කෙනෙක් මැතිවරණ කටයුතු වලින් ඉවත්ව සිටියා නම් අපි මේ මැතිවරණය සඳහා ඔවුන්වත් එක්කර ගන්න කටයුතු කරමු. අපි ශක්තිමත්ව මේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ගෑස් සිලින්ඩරය කණ්ඩායම යටතේ වැඩි මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරමු. ඉදිරි දින 20 ක කාලය තුළ ඒ සඳහා උපරිමයෙන් කැපවෙමු.

අපි ඔබතුමන්ලාට සහතිකයක් දෙනවා ,ඒ තමයි මේ මාලිමාවේ ආණ්ඩුව තවත් මාස 6ක් කරගෙන යයි. උපරිම අවුරුදු එකහමාරක් මේ ආණ්ඩුවට ආයුෂ තියෙයි. ඊට පස්සේ වැටෙනවා. ලියලා තියාගන්න. ඊළඟට ආණ්ඩුව පිහිටුවන්නේ අපි. අපේ මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ප්‍රමුඛ අපි ඊළඟ ආණ්ඩුව හදනවා. මේ රට යළි ගොඩනඟන වැඩපිළිවෙළ තියෙන්නේ අපි සතුවයි. වැටී තිබුණු රට ගොඩගත් අත්දැකීම් ඇති පිරිස නියෝජනය කරන්නේ ගෑස් සිලින්ඩරය කණ්ඩායම යි.එසේ නම් අමතක කරන්න එපා,ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ඉදිරියේදී මේ රට භාරගෙන රට යළි ගොඩගන්න සූදානම් පිරිසයි. ඒ සඳහා සුදුසු කණ්ඩායම ගොඩනැඟීම වගේම එම කණ්ඩායම ශක්තිමත් කිරීම ඔබතුමන්ලාට පැවරෙනවා.” යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...