නාමල් CID ගියේ ඇයි?

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):

අද (24) පෙරවරු 9ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වේ.

එහිදී ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මාධ්‍යවේදීන් මෙහිදී ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කර සිටියේය

මාධ්‍යවේදියා – ඇයි හදිසියේ කැඳවලා තියෙන්නේ ?

“දන්නේ නෑ ගිහින් තමා බලන්න ඕනේ.”

කාරණාව දන්නේ නැද්ද ?

“කාරණාව දන්නේ නෑ. හොඳයිනේ කැඳවන එක. අපිට තියෙන චෝදනා නැති කරගන්න තියෙන එකම ක්‍රමය මේකට ඇවිල්ලා යන එක තමා. මොකද අවබෝධයෙන් බොරු කියපු අයනේ ඉන්නේ. අපි අවබෝධයෙන් බොරු කියන අය නෙමෙයි. අපි අවබෝධයෙන් කටඋත්තරය දීලා එන්නම්.” ලෙස ඔහු පිළිතුරු දෙනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව නිදහස සමරණ දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදයේ...

ආහාර පාලන ගැසට්ටු ප්‍රමාදයෙන් මහජන සනීපාරක්ෂාව අනතුරේ – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

▪️රෝහල් ආපනශාලා බෝ නොවන රෝග බෝ කරන මධ්‍යස්ථාන වෙලා.. දිවයින...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...