අපේක්ෂාවන් කොල්ල කෑ දේශපාලනයට විරාමයක් නෙවෙයි නැවතීමක් තබමු!

Date:

කොළඹ LNW: අපේක්ෂාවන් බිඳ දැමු,කොල්ල කෑ දේශපාලනයට විරාමයක් නොව නැවතීමක් තැබිය යුතුවන බව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක සමාජ සේවා නිලධාරී,විශ්‍රාමික දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ ක්‍රියාකාරී සුගත් වසන්ත ද සිල්වා මහතා අවධාරණය කළේය.

ඒ, අද (26) රත්නපුර ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතමිනි.

කාලකන්ණි ජරාජීර්ණ දේශපාලනය අවලංගු කර මිනිස්සුන්ට ආදරය කරන ජනතාවගේ විශ්වාසය රකින ජනතා අපේක්ෂා ඉටුකරන පක්ෂයක් දේශපාලන ව්‍යාපාරයක් බලයට ගෙන ඒමේ බලය ඇත්තේ ජනතා කතිරයට බවයි ඔහු කියාසිටියේ.

” දැන් ප්‍රශ්නයක් තිබෙනවා අනුර කුමාර දිසානායක සහෝදරයා බලයට පත්වෙලා මොකද කළේ කියල. හැමෝම අහන ප්‍රශ්නයක්. ඒකට හොඳම උත්තරය තියෙන්නේ මං ළඟ. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විදිහට ආබාධිත සහිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා අනුර කුමාර දිසානායක සහෝදරයා. ඒකේ ප්‍රධානම මූලය වුණේ ආබාධිත අපි නැතුව තීරණ ගන්න කිසිසේත්ම ඉඩදෙන්නේ නැහැ කියල. ඒ කාරණය සනාථ කරමින් ඔහුට පුළුවන් වුණා, ජාතික ජන බලවෙගයට පුළුවන් වුණා සහෝදරවරුනි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයෙක් විදිහට ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයෙක් ඇතුළත් කරන්න. 8.7%ක් වන ලක්ෂ 16කට 17කට වැඩි අබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් අපේක්ෂකයෙක් යොමුකරන්න. අවුරුදු 76ක් තිස්සේ විවිධ පක්ෂවල විවිධ පාටවල ප්‍රතිපත්තිවල මේ කාරණය ගැබ්වෙලා තිබුණේ නැහැ. මේ කාරණය ගැබ් කළේ ජාතික ජන බලවේගය. අන්න ඒක තමයි ජාතික ජන බලවේගයේ හැඩය. ඒ හැඩයට තමයි රත්නපුර ජනතාව ඔබ විශ්වාසය තියල තියෙන්නේ. ඔබේ ජන්දය අරගෙන විශ්වාසය කඩ කළ ඔක්කොම අනුර කුමාර දිසානායක සහෝදරයා කියන විදිහට අපි ගෙදර යවමු. ඒ බලය තියෙන්නේ ඔබේ කතිරයට. මාලිමාව ඉදිරියේ ඔබ තබන කතිරයට තමයි කාලකන්ණි ජරාජීර්ණ දේශපාලනය අවලංගු කරලා මිනිස්සුන්ට ආදරය කරන ජනතාවගේ විශ්වාසය රකින ජනතා අපේක්ෂා ඉටුකරන පක්ෂයක් දේශපාලන ව්‍යාපාරයක් බලයට ගෙන එන්න වෙන්නේ බලය තියන ඔබට. ඒකට වැඩි දවසක් නැහැ.නොවැම්බර් 14 බහුතරයක් නෙවෙයි එකොළහෙන් එකොළහම මේ රුවන්පුරයෙන් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. ඒ ශක්තිය ඔබ තුළ තිබෙනවා. ඕනේ අපේක්ෂාවන් බිඳ දමපු,ඔබේ අපේක්ෂාවන් කොල්ලකාපු පරණ දේශපාලනය අපි විරාමයක් නෙවෙයි නැවතීමක් තියල ඔවුන් විශ්‍රාම ගන්වමු.” යනුවෙන් ඔහු තවදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...