ගෝල්ෆේස් අසලට කැඳවූ පොලිස් ට්‍රක් රථ ආපසු රැගෙන යයි. නීතීඥ සංගමයෙනුත් අනතුරු හැඟවීමක්

Date:

අද (16) උදෑසන වනවිට ගෝල්ෆේස් පිටිය ආසන්නයේ පෝට්සිටි අසල මාර්ගයේ පොලිස් ට්‍රක් රථ 10ක් පමණ රඳවා තිබෙනු දක්නට ලැබිණි.

ආණ්ඩුව ගෝල්ෆේස් මහජන විරෝධතාව විසුරුවා හැරීම සඳහා සැලසුම් කරන බවට ඊයේ දිනයේ සිට අපත් ඇතුළු මාධ්‍ය සහ සමාජ මාධ්‍ය කර තිබුණු අනාවරණයන් අනුව මෙසේ පොලිස් ට්‍රක් රථ විශාල සංඛ්‍යාවක් කැඳවා තිබීම ජනතාවගේ සැකයට හේතුවූ අතර ඊට එරෙහිව සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් ද ගොඩනැඟෙමින් තිබිණි.

ඒ අනුව පැය කිහිපයකට පසුව එම ට්‍රක් රථ එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනු දැකගත හැකි විය.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද රජයට අවධාරණය කර තිබුණේ සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බැවින් ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන සාමකාමී විරෝධතාවට බාධා කිරීමට උත්සාහ නොකරන ලෙසයි.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...