ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි – අද (02) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට කාරුණිකව අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි කෝවිලක තෙරපිමකින් 9 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඉන්දියාවේ...

“වන සුරැකුම්” නමින් ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : "වන සුරැකුම්" නමින්...

ජෙමීමාට පැමිණි ප්‍රීතිමත්ම උදෑසන

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: ජෙමීමාට පමණක් නොව ඇයගේ සහෝදරයන්ටද...