රනිල්ගෙන් ඉගෙනගන්න තියෙන්නේ ඒකාධිපතිවාදය.ව්‍යවස්ථාව උගන්වන්න හදපු රනිල්ට ටිල්වින් උත්තර බදියි!

Date:

කොළඹ LNW:රනිල් වික්‍රමසිංහගෙන් ඉගෙන ගැනීමට ඇත්තේ ව්‍යවස්ථාව ගැන නොව ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය ගැන යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේය.

ඒ, අද (04) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් වූ දින සිට සිදුකළේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම බව ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

”පරාජයට පත්වෙච්ච බලවේග විවිධ කතා කියන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ. එයා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා. එය කිව්වා වැටුණ රට බේරාගත්තේ එයා ඒ නිසා එයාව තියාගන්න කියල. නමුත් ජනතාව එයාව තියා ගත්තේ නැහැ. එයාට ගන්න පුළුවන් වුණේ රටේ ජනතාවගෙන් ජන්ද 17%යි. විශාල වශයෙන් එයා පරාජයට පත්වුණා. හැබැයි දැනුත් විහිළු කතා කියන්න පටන් අරන් තියෙනවා. දැනුත් බොරු කියල ජනතාව නොමඟ යවන්න උත්සහ කරමින් ඉන්නවා. අපි දැක්කා පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ කතා කළා අපට ව්‍යවස්ථාව උගන්වන්න. අපි හිතනවා එයාගෙන් ව්‍යවස්ථාව ඉගෙන ගැනීම හරිම අනතුරුදායකයි කියල. එයාගෙන් ඉගෙන ගන්න තියෙන්නේ ව්‍යවස්ථාව කඩන හැටි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණ දවසේ ඉඳල කළේ ව්‍යවස්ථාව කඩන එක. පළාත් පාලන ජන්දය තියන්න ඕන වෙලාවක ඒකට නාමයෝජනා කැඳවලා තිබියදීත් පළාත් පාලන ජන්දය නොදී සිටියේ රනිල් වික්‍රමසිංහ. එයාට ප්‍රජාතනත්‍රවාදය ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ. එයට ව්‍යවස්ථාව ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ. ව්‍යවස්ථාවේ තියෙනවා ජන්දය තියන්න. හැබැයි ජන්දය තිබ්බේ නැහැ. මුදල් වෙන්කරන්නේ නැතුව නිලධාරින් අල්ලගෙන ජන්දේ නොතියා ඉන්න තැනට වැඩ හැදුවා. අධිකරණ නියෝග තිබියදීත් ජන්දය තිබ්බේ නැහැ. එයා තෝරාගත්තේ අධිකරණයේ තීන්දුව දුන්න විනිසුරුවරු ගෙනල්ලා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න. ඒ නිසා එයාගෙන් ඉගෙන ගන්න තියෙන්නේ ඒකාධිපතිවාදය. එයාගෙන් ඉගෙන ගන්න තියෙන්නේ ජන්දේ කල්දාන්නෙ කොහොමද කියන එක. එයාගෙන් ඉගෙන ගන්න තියෙන්නේ ව්‍යවස්ථාව කොහොමද උල්ලංඝනය කරන්නේ කියන එක. නැතුව ව්‍යවස්ථාව ගැන නෙවෙයි. ඒ නිසා එවැනි අපරාධ කරපු කෙනෙක්,ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙක්,අධිකරණයට බලපෑම් කරපු කෙනෙක්,අධිකරණයේ විනිසුරුවන් පාර්ලිමේන්තු කැඳවන්න කතාකරපු කෙනෙක් දැන් එනවා නම් ප්‍රජාතන්ත්‍රවාදය කියා දෙන්න මම හිතන්නේ ඒක තරම් ලොකු විහිළුවක් තවත් නැහැ.” යනුවෙන් ටිල්වින් සිල්වා මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...