පාස්පෝට් ගැටලුවට විසඳුමක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ (LNW):

ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට , පාස්පෝට් ලබාගැනීම සඳහා දිනයක් ලබාගැනීමට ඔන්ලයින් ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අවශ්‍යතාවයට සරිලන ලෙස හිස් පාස්පෝට් එක්වර ගෙන්වා ගත නොහැක්කේ පෙර රජය සහ සැපයුම්කරු අතර ඇතිව තිබූ එකඟතාවයකට අනුව බව අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය.

“කොටස් වශයෙන් දැන් පාස්පෝට් ලැබෙනවා. ඔක්තෝබර් මාසයේ 50,000ක්, නොවැම්බර් අග ලක්ෂයක්, දෙසැම්බර් අග ලක්ෂයක්, ඒක තමයි ඒ අය ඇවිත් තිබුණු එකඟතාවය. මේ 750,000 එකවර ගෙන්න ගන්න ඒ අදාළ ආයතනයත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා තිබුණේ නැහැ. ඒ ප්‍රශ්නයත් එක්ක තමයි ඇත්තටම අපිට ජනතාවට ඉල්ලුමට සරිලන පාස්පෝට් ප්‍රමාණයක් ලබාදෙන්න අපහසු තත්ත්වයක් මතු වුණේ. මේක අපි ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. අත්දැකීම හා පළපුරුද්ද තියෙන අය නිර්මාණය කරපු අර්බුදයක්. ඒක විසඳන්න අපි උත්සාහ කරලා දැන් අපි බොහෝදුරට විසඳලා තියෙනවා. පළමුව අපි පාස්පෝට් ගෙන ඒමට මැදිහත් වුණා. දැන් ඒ වැඩේ හරි. දැන් තියෙන්නේ ක්‍රමවේදයකට අනුව පාස්පෝට් ලබාදෙන්න.

ඒ සඳහත් අපි මැදිහත් වුණා එහෙම මැදිහත් වෙලා ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් ලබාදීම දැන් ආරම්භ කරලා තියෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ඔන්ලයින් ක්‍රමයට පාස්පෝට් ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවා. කියන්න සතුටුයි හදිසි අවශ්‍යතා කියන කැටකරි එක යටතේ බොහෝ අය ඉල්ලා තියෙනවා. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඔන්ලයින් හරහා දැන් බොහෝ පිරිසක් මේ පැය කිහිපය තුළ ඉල්ලුම් කරලා තියෙනවා. අද අර තිබුණු පෝලීම නැහැ. දැන් මේ නොවැම්බර් මාසය සඳහා පාස්පෝට් ලබාදීම කලින් දින නියමකර ගත් ඒ කියන්නේ ටෝකන් එක ලබාගත් ආකාරයටම නිසි පරිදි දෙපාර්තමේන්තුව හරහා ඒවා ලබාදෙනවා.

අලුතෙන් ඇණවුම් කරන අයට දිනයක් වෙලාවක් වෙන් කර ගැනීමට අයට ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අද සිට ක්‍රියාත්මක වෙනවා. දැන් ඒ තත්ත්වයට අදාළ විසඳුම් අපි ලබාදීලා තියෙනවා.” ලෙස අමාත්‍යවරයා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...