පාර්ලිමේන්තුවට සංඛ්‍යාත්මක වෙනසක් විතරක් නෙවෙයි ගුණාත්මක වෙනසක් ඕනේ – අගමැති

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුව තුළ සංඛ්‍යාත්මක වෙනසක් පමණක් නොව ගුණාත්මක වෙනසක්ද සිදුවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය.

පාර්ලිමේන්තුවට හොරුන් යවා අයවැය අධීක්ෂණය, මුදල් පාලනය වැනි දේවල් බලාපොරොත්තු විය නොහැකි බවයි අගමැතිනිය පැවසුවේ.

ඇය මේ බව සඳහන් කළේ මහනුවරදී පැවති රැස්වීමක් අමතමිනි.

”අනුර සහෝදරයා අපේක්ෂකයා ලෙස අපි සියලු දෙනා හමුවුණ වෙලාවක ඔහු ඉතාම වැදගත් දෙයක් අපට මතක් කළා. සංඛ්‍යාත්මක වෙනසක් විතරක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ ගුණාත්මක වෙනසක් කියල. එතකොට අපිට කිසිම අවස්ථාවක ඒ ගුණාත්මක වෙනස අමතක කරලා සංඛ්‍යාත්මක වෙනසෙන් විතරක් සෑහීමකට පත්වෙන්න බැහැ. ප්‍රතිපත්ති හදන,නීති හදන,මුදල් පාලනය කරන ඒ ප්‍රධාන කාර්යභාරය තමයි පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙන්නේ. ප්‍රතිපත්ති හදන්න නම් ප්‍රතිපත්ති මොනවද කියල අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනේ. නීති හදනවා නම් නීතිවලට ගරු කරන්න පුළුවන් අය වෙන්න ඕනේ. හොරුන් යවල අයවැය අධීක්ෂණයයි,මුදල් පාලනයයි බලාපොරොත්තු වෙන්න බැහැ. අන්න ඒ ඉල්ලීම තමයි අපි මේ දවස් තුළ කරන්නේ. ඒ ගුණාත්මක වෙනස කරන්න පුළුවන් වෙන විදිහේ පාර්ලිමේන්තුවක් අපිට හදල දෙන්න. පාර්ලිමේන්තුව එවැනි පාර්ලිමේන්තුවක් බවට පත්කිරීමට බලය තියෙන්නේ ඔබට.” යනුවෙන් අගමැතිනිය තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...