විදුශිකාගේ පන්දුවට සහ හසිනිගේ පිත්තට මුල් තැන

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 09,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා ක්‍රීඩා සමාජ අතර පන්දු වාර 50 තරගාවලියේ තරග විශාල ප්‍රමාණයක් කාලගුණික බාධා මැද තීරණයකින් තොරව අවසන් වුණා.එහිදී ඉකුත් තරග දෙකේදීම සිය ප්‍රතිවාදීන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ යුද හමුදා කණ්ඩායම,පනාගොඩ පිහිටි යුද හමුදා ක්‍රීඩා පිටියේදීම ලකුණු 59 ට සීමා කරන්නට නාවික හමුදා කණ්ඩායම සමත් වීම කැපී පෙණුනා.නමුත් එසේ දවා ගැනීමෙන් නිසි ප්‍රතිපල නෙලා ගන්නට නාවික හමුදාවට අවස්ථාවක් නොදෙමින් කාලගුණ තත්ත්වය හරස් වුණා.


සීසීසී ක්‍රීඩා සමාජය ඉහළ ජයක් වාර්තා කරමින් ගාල්ල ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 205 ක ජයක් වාර්තා කරන්නට සමත් වුණා.පළමුව පන්දුවට පහර දුන් සීසීසී කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ලට ලකුණු 119 ක සබඳතාවයක් පවත්වමින් විශ්මි ගුණරත්න (67) සහ සදලි වීරසිංහ (52) හොඳ අඩිතාලමක් ලබා දුන්නා.මැද පෙළින් ලිිමිනි තිලකරත්න (32),උමායා රත්නායක(24) සහ ශිකාරි ද සිල්වා (23) එකතු කළ ලකුණු ප්‍රමාණයත් සමඟ සීසීසී ඉණිම ලකුණු 263 දක්වා ඉදරියට ගමන් කළා.


පිිළිතුරු ඉණිමේ දී ගාල්ල කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු වමත් දඟ පන්දු යවන්නි විදුශිකා පෙරේරා ලකුණු 11 ට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.ඒ නිසා ගාල්ල කණ්ඩායමේ ලකුණු පූවරුවට 59 දී නැවතෙන්නට සිඳු වුණා.හසිනි ලියනගේ ද ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගනිමින් විදුශිකාගෙන් එල්ල වූ පීඩනය තවත් වැඩි කරන්නට දායක වුණා.


විසඳුමක් ලද දෙවන තරගයේ දී ඒස් කැපිටල් කණ්ඩායම ද්‍රවිඩ ක්‍රීඩා සමාජය පරදවා ලකුණු 199 ක ජයක් ලබන්නට සමත් වුණා.එහිදී ඉකුත් සතියේ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට ඒස් කැපිටල් කණ්ඩායමේ හසිනි ඉන්ද්‍රජිත් සමත් වුණා.බලංගොඩ ආනන්ද මෛත්‍රීය විද්‍යාලයෙන් පැමිණි ක්‍රීඩිකාවක වන ඇය විසින් මෙම තරගයේ දි ලකුණු 93 ක් වාර්තා කර ශතකය පෙනී පෙනී අවාසනාවන්ත ලෙස දැවී ගියත් ඇයගේ ඉණිම පදනම් කර ගෙන එස් කැපිටල් ඉණිම කඩුලු 6 ට ලකුණු 224 දක්වා ඉහළ නැඟුණා.


ඊට පිළිතුරු ලෙස චුවිඩ ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුණු 25 ට දැවී ගියේ පන්දු යවන්නියන් ඇති කළ පීඩනයට අමතරව තමන් විසින්ම ඇති ගොඩ නඟාගත් පීඩනය නිසා ඇති කර ගත් කලබලයද නිසයි.ඒ නිසා දුවද්දී දැවී යාම් තුනක් වාර්තා වූ ද්‍රවිඩ සංගම් කණ්ඩායමට එරෙහිව හොඳින්ම පන්දු යැවූ ඒස් කැපිටල් පන්දු යවන්නිය වූ දේවාගි ජෙගනාදන් ලකුණු 3 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...